Pages

Tuesday, November 13, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ 3

හෝර්ටන් සෝදාපාළුවෝ 3
  
ටිකෙන් ටික අපි අදාල ස්ථානයට සේන්දු උනේය.උදේ 6 විතර වෙනකොට අපි ඔහිය ට්‍රෙන් ස්ටේශන් එකට ඇවිත් හිටියේය.දැන් ඉතින් ආයි මොනවද ඇහෙන්නේ එකම සද්දයකි.චරස්.. චරස්... චර චරස්.අපේ උන් දකින දකින ගස් වැල් මල් බල්ලො ගෑණු එතනින් ගියාම අතට අහුවෙන G ගොඩ වලත් පිංතූරු ගැහුවේය.

මේ.......






මේ පිංතූර මඟුල වගේ නෙවේය දැන් නම් බඩ පිටට ඇලවිලාය කන්න දෙයක් සොය ගත යුතුය.ඊටත් වඩා දැන් බෝයි ගේ ජීවන බර ඉහල ගොසින්ය.කන එක නම් 2වෙනියට හරි බැරිය මේ ජීවන බර එන්න එන්නම උත්සන්න වෙනවාය.වටපිට බැලුවේය හා මේ තියෙන්නේ ස්ටේෂමේ මහතුන්ගේ විවේකාගාරය දිලිසි දිලිසි.ස්ටේෂමේ ඉඳපු පොරකට කථා කලේය ඒකේ යතුර ඉල්ලාගෙන හනිකට ජීවන බර නිදහස් කරගත්තේය.හැබැයි උඹලට කිව්වට විලි ලැජ්ජ නැත පලවෙනි වතුර පාර වදින කොට නම් බෝයිට හාහායි..... ගැවුනේය වතුර ටික නිල් කැටේට කූල්ය.

 වැඩේ අහවර කොරගෙන් එලියට බැස්සේය.අනිත් එවුන්ද ජීවන බර උත්සන්නව පෝලිමේ යනවාය.දැන් 2වෙනි ප්‍රශ්නය කන්න දෙයක් හොයා ගැනීමය ස්ටේශමට ඉස්සරහින් පොඩි කඩයක් තිබුනේය කඩයක් කිව්වට ලඩයක්ය.ඒත් උදේ වැඩි හින්දද මන්දාය තාම ඇරල තියෙන්නේ එක දොර කවුළුවක් විතරය. ඒක නිසා වටපිටේ ටිකක් ඇවිද බැලුවේය.ඒ අතරම බුරුතු පිටින් පොටෝ වලට පෙනී උන්නේය
.


ටිකකින් කඩේ ඇරපු නිසා ඒකෙන් පොඩි ටී එකකුත් බීල රොටි ලෝඩ් එකක්ම කෑවේය .අපේ ඉතුරු උන් ද මෙලෝ කල්පනාවක් නැතිව රොටි කන්නේය.මඟදී අයියේ තා මඳී ගායි.කොහොම හරි උදේ ආහාරයද හරිය.


හැබැයි අවුලකට තියෙන්නේ දවල් ගැන ෂුවර් එකක් නැත මොකද යන මඟ කෑම ගන්න තැනක් නැත හෝටන් තැන්න උඩමදී නම් කැන්ටිමක් තිබෙන්නට ඹ්න කියල හිතුනත් වැඩි පරිස්සමට බෝයි තා රොටි 2ක් ඔතල දාගත්තේය.කැම්පස් අපිට මොන කෑමද මේවායේ ඉන්නේ නොකා බිබී රෙකෝඩ් ගහපු ඈයෝය.අනික වටේ පිටේ ලස්සන ට කැම වල ආසාව අමතක වෙන්නේය.

බෝයි බෝයි ට දුන්න පට්ටමේ වැඩ අකුරටය.හා ඇති දැන් මෙතන චා වුන යමල්ලා........... 

ඔහිය ට්‍රේන් ස්ටේශන් එක ගාවින් උඩහට පාරකි.දැන් ඉතින් තියෙන්නේ යන්න තමාය.


බෝඩ් එකේ නම් දාල තිබුනේ කිලෝමීටර 06 ක් ගිය තැන හෝර්ටන් තැන්නේ දොරකඩ කියාය.ඉතින් අවුලක් නැත.යකෝ කොල්ලෙකුට ඔයි දුර කජ්ජක් ද.යමල්ලා...... දැන් අපි ඉතින් කයියක් සීපදයක් කියාගෙනම වැඩේ පටන් ගත්තේය.මුලින් මුලින් අපි බොහෝම ලේසි තැන්නක ඇවිදගෙන ගියෙය.

යකෝ වැඩේ රඟේ තේරුනේ තව ටිකක් යනකොටය

ඉවසන දනා රුපු යුධයට කොස් ඇටය.........

No comments:

Post a Comment

Share This

Related Posts Plugin for WordPress, Blogger...