Pages

Sunday, September 30, 2012

ගල් පැලෙන ඇත්ත

ගල් පැලෙන ඇත්ත

ඉතින් අනේ කස්ටියටම ජයවේවා සැරදේවා පැරදේවා.අද කතාකරන්නේ කවුරුත් දන්න මාතෘකාවක් ගැන.වැඩේ ගැන සරල සිංහලෙන්ම කථා කරනවනම්.අද මාතෘකාව බොරුව.ඕනම ආගමකට අනුව බොරුව කියන්නෙ බෙල්ල මුලින් ගහල යන කේස් එකක් ඒත් ඕකෙ අනිත් පැත්තකුත් තියෙනව.ආගම් දර්ශනයේදි නම් බොරුව කියන්නේ පවක් උනාට අද සමාජය ගැන බලද්දි බෝයි හිතන විදියට නම්  මිනිස්සුන්ගේ අරක්ෂාවට නැත්තම් පැවැත්මට අපේ පංචේන්ද්‍රිය වැදගත් වෙනව වගේම බොරුවත් හුඟක් වැදගත් වෙන මට්ටමකටම ඇවිල්ල.මොකද කිව්වොත් අද සමාජයේ සමහර කොටසකගෙ ජීවන වෘත්තියත් බොරු කියන එකයි. ඔයි බොරුව ජීවන වෘත්තිය කරගත්ත කොටස් අතරින් බොහොම ඉදිරියෙන් ඉන්න පිරිසක් තමයි හිඟන්නො කියන්නෙ (වෙළෙන්දොත් දෙවෙනි වෙන්නෙ නැ ඈ...)

අද කියන සිද්ධිය බෝයි බලාගෙන ඉඳපු දෙයක් ගැනයි.බෝයි පහුගිය සතියක සිකුරාදා දිනයක ගෙදර එන්න මහනුවර කොළඔ බසයකට ගොඩ වුනේය.වාඩිවෙන්න සීට් තිබුන නිසා බෝයි පිටිපස්සෙ දොර ගාවට ලඟ සීට් එකක අයිනෙන් වාඩි වුනේය පෑලියගොඩ හරියේදී කෙට්ටු ඩයල් එකක් බසයට ‍ගොඩ වුනාය.පොර නිකන් නැට්ට ගිනිගත්ත හනුම වගේය.කඩාගෙන බිඳගෙන බස් එකේ ඉස්සරහට ගියේය.පත්තර කෑලි කතුරු වගේ ආම්පන්න රාශියක් ගත්තේය.දැන් මොනවදෝ
හෑල්ලක් කියනවාය.බෝයි හෙඩ් සෙට් එක කනේ ගහගෙන හිටපු නිසා කියපු හෑල්ල නම් ඇහුනේ නැත.එත් එක පාරටම ඩයල් එක පත්තර මිටියක් අරගෙන අරහෙට මෙහෙට කපල අති  රමණීය මරණීය මලක් හැදුවේය.අත්තටම ඒ හදපු පත්තර මල අති අලංකෘතය.ආපහු පොර මොකද්ද සූත්තරයක් දාල පොල් අත්තක් හැදුවේය.ඒකද ලෙසටම හැඩය.ඔයි විදියට පොර නෙළුම් මල් අරව මෙව්ව තා ගොඩක් ජාති හැදුවේය.වැඩේ ලස්සන නිසා මිනිහ බහිනකොට බස් එකේ ඉඳපු හැම මනුස්සයෙක්ම වගේ රු20- 30 වගේ මිනිහට දුන්නාය.සමහරු 50ත් දුන්නාය.(බෝයිත් 20ක් දුන්න හොඳේ)
                                                                  මේ වගේ

තා ටික වෙලාවක් ගියේය තවත් ඩයල් එකක් බසයට නැග්ගේය ඒ පොඩි ගෑණු දරුවෙක් ද වඩා ගෙනය පොර ද අති හදිස්සියෙන් ඩ්‍රයිවින් සීට් එක ගාවට ගියාය.ගිහින් පොඩි විස්තරයක් කියනවාය.මිනිහා උදෙන්ම මොකද්ද වැඩකට කැළණීයට ආවලු.පර්ස් එක හොරු ගත්තලු දැන් ගෙදර යන්න ඕනලු.මිනිහත් එක්ක වයිපරේ මේ ගමන ආවත් එයා බස් වලට නගින්න කැමති නැතිලු ඒක නිසා මට ගෙදර යන්න ඔය ගොල්ලො උදව් කරන්නලු.බෝයි නම් සතයක් දුන්නේ නැත.ඒත් හරි පුදුමයකි බස් එකේ ඉඳපු මිනිස්සුන්ගෙන් ලැබුනු ගානට මිනිහට අමාරුවක් නැතුව ඉන්දියාවටත් යන්න පුළුවන්ය.ඒ තියා මෙච්චර වෙලා නැගපු කිසි එකෙකුට සතයක් වත් නොදුන්න මගේ එහා පැත්තෙ ඉඳපු කෙල්ලද රු30ක්ම දුන්නාය.හැබැයි වෙච්ච වැඩේට නම් බෝයිට පුදුමය,හිනාය ඒත් පොඩි දුකක්ද නැතුවාම නොවේය.

මේ දිනයට කලින් සතියේ බෝයි ගෙදර යන්න මරදානට ගියේ සාගරිකා කොච්චිය අල්ල ගන්නය.එදා මරදාන ගුවන් පාලම උඩදී ඩයල් එකක් එක පාර බෝයි ගේ අතින් ඇල්ලුවේය.හොඳට ඇඳ පැලඳ ගත්තු පොරක්ය අනේ මල්ලි වැඩකට කොළඔ ආව ටොයිලට් එකට ගියා මල්ලි අපේ බෑග් උස්සල ඒකෙ තමයි සල්ලි තිබ්බෙ මටයි මේ දරුවටයි නෝනටයි ගෙදර යන්න විදියක් නෑ වැඩි ගානක් නෙවෙයි.අතේ තියෙනවනම් රු80ක් දීල පලයන්කො කියල කිව්වේය.

සල්ලි දීම කෙසේ වෙතත් බෝයි හොඳට මනුස්සයා දිහා බැලුවේය බැලු බැල්මට නම් හිඟන්නෙක් වත් මංකොල්ල කාරයෙක්වත් වෙන්න බැරිය.හොඳට ඇඳල දුඹුරු පාට සපත්තු 2ක දාල හොඳ පිලිවලට හිටියාය.ඒත් හත්තිලව්වෙ මේ ගමන් යනකොට සල්ලි බැග් වල දානවද.ඊට පස්සෙ සල්ලි බෑග් වල දාල බෑග් දාල යන සිරිතක් තියෙද.ඒ ඇරත් ගෑණියි මිනිහයි 2න්නටම අහවල් වැඩේ එක පාර කරන්න ඕනද.බොයි ට හිතට අප්සෙට් නිසා සල්ලි නෑ කියල ආවේය.

අද ද මේ බස් එකට නැගපු එකා ගැන බෝයිගේ විමසුම් ඇහැ යොමු උනේය.ඩයල් එක දිහා හොඳට බලද්දී, අර එදා පාලම උඩ ඩයල් එක දාගෙන ඉඳපු දූඹුරු පාට සපත්තු 2ක බෝයිට පෙනෙන්න වුනාය.මූණ දිහා බැලුවේය එක පාර අඳුර ගන්න බැරි උනත් ටික වෙලාවකින් මූණ ද same බව බෝයි ට පෙනුනේය.හැබැයි වැඩේ කියන්නේ ඒදා ඌ වඩාගෙන හිටියේ පිරිමි දරුවෙක්ය

එහෙනම් අළුත්ම මංකොල්ල කන ස්ටයිල් එක මේකය.ලේසිය පහසුය.ප්‍රතිඵල අති සාර්ථකය.ඒත් මීට කලින්  නම් තිබුනේ මීට වඩා වෙනස්ම එකකි.ඒ එක පාරටම කිළුටු ඇඳුම් ඇඳගත්තු ඩයල් එකක් හිටි හැටියේම බස් එකට නගියි ඉන් පස්සේ මම මේ හිර ගෙදරින් නිදහස් වෙලා එන ගමන් අනේ මාස 6කට පස්සේ තමයි මම මේ තාර පාර පාගන්නෙ.මම හිරේ ගියේ මිනී මරල මංකොල්ල කාල නෙවෙයි ‍පොලිසියේ මහත්තයෙක් එක්ක කට ගහගෙන ගියා කියල ගංජ පැකට් එකක් මගේ සාක්කුවට දාල තමයි මාව හිරේ යැව්වේ අද මම ගෙදර යන දවස මට ගෙදට යන්න සල්ලි නෑ තියෙනව නම් මට කීයක් හරි දෙන්න මම බොරුවක් නම් කියන්නෙ බලන්න මගේ අත් 2ක දිහා කියල කළු වුන අත් 2ක පෙන්නනවාය.මේ බොරුව කියන ඩයල් 3ක් කොළඔ හිටියාය.හැබැයි ඒ බොහොමයක් කුඩු බොන මිනිස්සුය.


ඔයිටත් කලින් තිබුන එක ඊට හාත් පසින්ම වෙනස්ය.ඒ පොරක් බස් එකට නගියි.මිනිහට හොඳට සිංදු කියන්න පුළුවන් කියයි(හැබැයි සිංදු කෑල්ලක්වත් කියන්නේ නැත) ඊට පස්සේ මිනිහට සීඩී
එකක් කරන්න උවමනා බව කියයි ඒත් දුප්පත් නිසා ඒක කරගන්න බෑ කියයි.ඒක නිසා මේ ස්ටිකරය අරගෙන පොඩි සහයෝගයක් දෙන්න කියයි.ඊට පස්සේ 100 ක ස්ටිකරයක් විකුණයි

කාලෙන් කාලෙට එක එක බොරුය ඒත් අහුවෙන්නෙ හිත හොඳ අපේ මිනිස්සුය.ඔයි අතරේ ඇත්තටම අසරණ මිනිස්සු නැතුවා නොවේය.


පලවෙනි සිද්ධියේදී නම් පැයකට රු60 දරුවන් දෙන තැන් ගැනද බෝයි අහල තියෙනවාය ඒක නිසා පිරිමි දරුවා ගෑණු දරුවෙකු වීම ගැනනම් එච්චර හිතන්න දෙයක් නැත.ඉස්සෙල්ල බෝයි පුදුම වුනා යයි කිව්වේ මේ වගේ දෙවල් වෙනවා යයි කියල එදා බෝයි ආපු බස් එකේ මිනිස්සු නෙදැන ඉඳීමය දැනගෙන හිටිය නම් අරහෙම සල්ලි දෙන්නේ නැත.


බෝයි නම් අහල තියෙන විදියට හිඟන්නෙකුට රුපියක් දෙන එක ඒ මනුස්සයාට හිඟන ජීවිතයේ රහ කියා දෙනවා විනා උදව්වක් නොවේය.මොකද පොලියට සල්ලි දෙන, තා මීට අවුරුදු 10කට 15 කට  කලින් තමන් නිදා ගන්න තැන රු18000 ක් වලලාගෙන මැරුණට පස්සේ ඒ සල්ලි පොලිසියට අහුවුන අවස්ථා බෝයි අහල තියෙනවාය.

ඉතින් බෝයි මේ පෝස්ටුව ලිව්වේ එහෙම නෙදැනුවත් කමින් මිනිස්සුන්ගේ බොරු වලට අහුවෙන හිත හොඳ  එදා බස් එකේ ඉඳපු අපේ මිනිස්සු වෙනුවෙනුයි උඔල එහෙම අහුවෙනව නෙමෙයි හරිද......



    
        
 
 

Monday, September 10, 2012

බඩු ෂුවර්........(18+)

බඩු  ෂුවර්........(18+)

ඔන්න අද ඉතින් බෝයි හා හා පුරා කියල 18+ එකක් කියල දෙනවා අහගනිල්ලා..........

ඔන්න  එක  ෆැමිලියක් තිබුනලු.මේ ෆැමිලියේ හිටියෙ ගෑණියි මිනිහයි උන්ගේ පුතයි ලු හරිය .

හැබැයි පොඩි අවුලක් තිබුනලු මිනිහ ගැණිට අහවල් වැඩේ  කරන්නෙ නැතිලු.ගෑණිත් ඉතින් බොහොම දුකින් ඉතින් ෆැමිලි දොස්තර  ගාවට ගියාලු.

ගෑණි      - අනේ ඩොක්ට අපේ එක්කෙනා මම ගැන කිසිම intrest එකක් නෑ
ඩොක්ට - හරි මෙන්න තියෙනව බඩු............ වරකට එක බැගින් පාවිච්චි, කරන්න බඩු ෂුවර්
ගෑණි      - තෑන්ක්ස් ඩොක්ට......

දැන් ගැණි මේ බෙහෙත් පෙත්තත් අරගෙන ගිහිල්ල ඉතින් හොරාට කෑම වලට එහෙම දාල දෙනවලු.දොස්තර ඇවිල්ල ෆැමිලි දොස්තර නිසා දවසින් දවස කෝල් කරල අහනවලු ප්‍රගතිය

පලවෙනි දවස
    ඩොක්ට - හා......... කොහොමද අද
    ගෑණී      - අනේ ඩොක්ට අද නම් අමාරුවෙන් එක පාරක් කරා.

දෙවනි දවස
    ඩොක්ට - හා........... කොහොමද අද...........
    ගෑණි      - අනේ අදනම් මම ඔන්න ඔහෙ පෙති දෙකක්ම දුන්න ඒක හින්දද කොහෙද දෙපාරක්ම කරා
    ඩොක්ට - ඔක ඕනවට වැඩිය දෙනව එහෙම නෙමේ..................

තුන්වෙනි දවස
    ඩොක්ට - හෙලෝ.....ඉතින් අද ඔහේ තත්වෙ කොහොමද?;
    පුතා       - අනේ ඩොක්ට ආච්චි මැරුණා,අම්ම ඉස්පිරිතාලේ,මට පු.... ඇරල,
                    ගෙදර වැඩකාර ගෑණිට අතවර කරල,දැන් තාත්ත ටොමී ‍ටොමී කිය
                    කිය ගෙදර බල්ල හොය හොය ගේ වටේ දුවනව

                    හිකිස්
   

Thursday, September 6, 2012

1000 යි......

1000 යි..........


අනේ අද බොයිට සතුටුම සතුටු දවසකි.මොකද අද බෝයිගේ බ්ලොගියේ Viewers ලා ගාන 1000 පහු කරාය.අනිත් එවුන් ගේ බ්ලොග් වල Viewers ලා ගාන දස දහස් ගනන් වෙද්දී බෝයි ගේ මේ 1000 මොන
මගුලක් ද කියල හැමෝම හිතාවි.ඒත් බෝයි ට මතක ය බ්ලොගියට එක viewer කෙනෙක් වත් ඒවිදැයි බෝයි පළවෙනි පෝස්ටුව ලියන දවසේ කල්පනා කරාය.ඒක නිසා බෝයි ට 1000 කියන්නේ මහා කන්දකි
තා අමතක කරන්න බැරිය අනිත් හැමෝටම එක පොස්ටුවක් වෙනුවෙන් comments සිය ගනන් තියෙද්දී මඩිස්සේ නිශාන් අයියා බෝයි ට ෆුල් බැකප් එක දුන්නාය.මඩිස්සටත් ජය...


Saturday, September 1, 2012

කිස් එකක මිල කීයද?

කිස් එකක මිල කීයද?

අනේ පහුගිය දවස් වල බෝයි ගේ නාහෙ ගාවටම වැඩය බ්ලොගිය පැත්ත පලාතේ එන්න බැරි උනේය.ඒ උනාට ආතල් සිද්ධි නම් බොහෝය.මේ කියන්න යන්නේ ද එහෙම එකකි.හැබැයි මේක බෝයි ට නම් උන සීන් එකක් නෙවේය (දැන් ඉතින් උඔල මඩ පොස්ටර් ගහපල්ල මේක බෝයිට උන චාටරයක් කියල)

යට ගිය දවස බෝයි මව් තුමියගෙන් පොඩි ණය ආධාරයක් සඳහා අයදුම් කලේය.අපෝ ඇහුවට වඩා හොඳය නිකන් හිටියනම්,රතිඤ්ඤා කම්මලට බෝම්බ ගැහුව වගේ අම්ම ට තද වෙලාය.  අහපු ගමන්ම මව් තුමිය විදේශ ආධාර ලබා දීම ප්‍රතිෂේප කරේය. ඒ මදිවට කනේ ඇගිලි ගහගන්න බෝයි ගේ පෙර වැරදි මහ ගොඩක් කිව්වේය.


පුතේ දැන් සල්ලි නාස්ති කරනව වැඩී කොච්චර දුන්නත් මදි නේ!

කථාව නම් ඇත්තය. සඳුද උදේට කෝටිපතිය වගේ කැම්පස් ගියාම සිකුරාදට ගෙදර එන්නේ කාගෙන් හරි රු 100 ක් ඉල්ලගෙනය.අම්ම දෙන pocket money බෝයි ගේ පර්ස් එකෙන් වාෂ්ප වෙන්නේ හිරු දුටු පිනි මෙන්ය.යකෝ බෝයිගේ පර්ස් එකේ හිලක් ද මංදාය.


දැන් ඉතින් කොහොම උනත් එක්කො බෝයි ගේ වියදම අඩු කරන්න ඔනෑය නැත්තම් පොඩි Income එකක් එන විදියක් කල්පනා කරන්න ඔනෑය.කොකටත් කියල පලවෙනි ක්‍රමය ගැන හිතුවේය. ම්.......

බයිසිකලේට පෙට්ට්‍රල් ගැහීම
දකින දකින කඩචෝරු කෑම
හවසට යාළුවොත් එක්ක සෙට් වීම
සෙනසුරාදට කෙහේ හරි දුරක යාම
ෆෝන් එකට කාඩ් දැමීම
ගේම් ඩිවීඩි ගැනීම
අළුත් ගේම් වල ගානට computer update කිරීම 

යකෝ හිතුව වගේ නෙවේය මේවා නවත්තන එක, යන්න එන බ.... නවත්තනව වගේ කේස් එකකි.
බෝයි හොඳ උත්සාහවන්ත කොළුවාය.ඒක නිසා දෙවනි ක්‍රමය ගැන හිතුවේය. ම්.....

පලවෙනියටම පොඩි බිස්නස් එකක් ගැන හිතුවේය.නැත හරියන්නේ නැත බෝයි ට මූලික ප්‍රාග්ධනයක් නැත.
ඊ ළඟට අපි නගිමු රට වවමු සංකල්පය ගැන හිතුවේය.ම්හ් හරියන්නේ නැත.ආයෝජන ප්‍රතිලාබ සඳහා යන කාලය වැඩිය.ආපහු පොඩි ටියුෂන් පන්ති කෑල්ලක් ගැන හිතුවේය.ම්හ් ගැලපෙන්නේම නැත.කියාදෙන්න ගියාම බෝයිට ඉහින් කනින් මල පනිනවාය.අනේ අන්තිමට සල්ලිත් තියෙන පොඩි සූටි කෑබැල්ලක් ගැන හිතුවේය.

ඒක නම් ලත් තැනම ලොප්ය මොකද බෝයිගේ මූනත් තහඩුවට නිකක් කෑලි තියා බැඳපු එකෙක් වත් කැමති නැත.

අන්තිමෙත් අන්තිමට බෝයිගේ ටිකිරි මොලේට ටිකිරි අදහසක් ආවේය.ඇයි හත්තිලව්වේ ගෙදර තියෙන ත්‍රීවීල් එක ටවුන් එක පැත්තේ ගෙනහින් කොහේට හරි වෙලා ටිකක් වෙලා හිටිය නම් බොලේ Online සල්ලිනේ.

බෝයි පුරුස ශක්තියත් අතට අරගෙන හීන් සැරේ ත්‍රීවීල් එකත් දක්කාගෙන ටවුමට ආවාය.පැයක් දෙකක් හිටියේය. යකෝ බෝයි දැන්නෙ දන්නේ ටවුමට අයිතිකාරයොත් ඉන්නව කියල.අනිත් වීල් කාරයො බෝයි ට වෙලාවකට ඔරවාගෙන යයි වෙලාවකට ගොරවාගෙන යයි.අවුලක් නැත බෝයි ගේ ඇඟේ වදිනවය,
කොහොම හරි සතියක් විතර යනකොට බොයි එක්ක උන්ද ටිකක් ෆිට් උනාය.

දවසක් බොයි එක්ක ෆිට් උන එක ඩයල් එකක් එක්ක බෝයි පොඩි chat පාරක් දාගෙන උන්නාය. ඒ එක්කම කාන්තා රත්නයක් ඇවිත් ඒ ඩයල් එකෙන් අයියේ කලේගානට යන්න කීයදයි ඇහුවාය.ඩයල් එකද හැරෙන තැපෑලෙන් 200 විතර ගන්න ඔන 150ට යමු කියල උත්තර දුන්නාය.කොහොම හරි දැන් කෙල්ල(ඇන්ටිද දන්නේ නෑ ය බෝයි ට පෙනුනේ කෙල්ලෙක් වගේය) ඩයල් එකේ ත්‍රීවීල් එකට ගොඩ වුනාය.ඩයල් එකද බෝයිට ගිහින් ඉක්මනට එන්නම් මල්ලි කියාගෙන මාරු උනේය.

දැන් පැය බාගයක් විතර ගියාය ආපහු අර ඩයල් එක හයර් එක ගිහින් අවේය.ආපු ගමන් මූ බෝයි ගේ ළඟට දුවගෙන එනවාය.


ඩයල් එක - මල්ලි මාර සිද්දියනෙ(හැක හැක හැක)
මූ මරු විකලෙන් හිනාවෙයි ඇයි යකෝ අර ගියපු ගෑනි මුගෙ සිනහ ඉන්ද්‍රිය තැලෙන්න ගහලවත්ද

බෝයි       - ඇයි අයියෙ මොකද වුනේ

ඩයල් එක - නෑ බං මම අර නැගපු ගෑණු මනුස්සයට කලේගානට 150 ක් කිව්වනේ

බෝයි       - හ්ම් මට ඇහුන

ඩයල් එක - ඉතින් මම ගියා කලේගානට ගිහින් අර අස්සෙ පාරෙ ගියා මේකි මට කිව්ව එතන තියෙන කන්දත් අද්දලම වාහනේ නවත්තන්න කියල

බෝයි       - ඉතින් ඒකි සල්ලි නොදී පැනල දිව්වද

ඩයල් එක - එහෙම උනානන් අවුලක් නෑ බං කොහොමත් ඒ වගේ සිද්ධි නම් අනන්ත වෙනවනේ

බෝයි       - දැන්නම් බෝයි ගේ ලේ Boil වේ ගෙන එයි ඇයි බං මූ තටමනවනෙ.හරි දැන් මොකද වුනේ එහෙනම්

ඩයල් එක - ඉතින් මාත් නැවැත්තුව කියපු තැන. ඒකි මගෙන් ආපහු ඇහුව ගාන කීයද කියල මම ඉතින් කිව්ව ඉස්සෙල්ල කියපු ගානම තමයි 150 යි කියල.මේකි එක පාර මගේ අතින් සල්ලි කොලයක් ගුලි කරල තිබ්බ මම ඒක දිහා බලනවත් එකකම මේකි මාව ඉම්බනේ බං මම උඩ ගියා උනේ මොකද්ද කියල. එතන තිබුනෙ 100 යෙ කොලයක් මට හදිස්සියටයි වාහනේ කන්ද පල්ලමේ තිබුන නිසායි ඒ වෙලාවෙ එලියට බැහැ ගන්න බැරි උනා ඒකි කොහේ ගියාද දන්නෙත් නැ මම ඉතින් වාහනෙත් හරවගෙන ආව


බෝයි      - හරි ඉතින් අලාබයක් නෑනේ අද කාලේ කොහේද ඔච්චර අඩුවට ඔව්ව ගන්න තියෙන්නෙ.හිකිස්

හා දැන් අපේ ගනන් කාරයො කියපල්ල අද ලංකාවෙ කිස් එකක මිල කීයද කියල
 
                                             150 - 100 = ?

  

 

       

 

Share This

Related Posts Plugin for WordPress, Blogger...