Pages

Tuesday, November 13, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ 2


හෝර්ටන් සෝදාපාළුවෝ 2


මේ අතර බැජ් එකේ තව එකෙක් රාජකීය චාටරයක් කයි. ඒ බැවා ය. ඌට අපි කෝච්චියට සෙට් වෙන්න වේයන්ගොඩට එන්න කිව්වත් මූ ගම්පහට වී බලාගෙන් උන්නේය.කෝච්චිය ගම්පහ නවත්තන්නේ නැත.වැඩි පන්ඩිත කම නිසා මූට අපිත් එක්ක සෙට් වෙන්න හෝර්ටන් තැන්නට එනකං තනියම එන්න වුනේය.ඒක වෙනම කථාවකි.



වෙලාව 09.05යි ය.එකෙක් බොංගො එකට තට්ටුවක් දැම්මා විතරය.මෙන්න යකෝ අනිත් ඇවුන් වක්කඩ කැඩුව වගේ සිංදු කියනවාය.දැන් ඉවර වෙයි කියල හිතාගෙන හිටියත් නැවතීමක් නැත.ඒ වෙනකොට මුලු කෝච්චි පෙට්ටියේ ඉඳපු අනිත් එවුන් ඹක්කොටම අපි වහ කදුරු වෙන්න ඇති එක ෂුවර්ය.ඇයි පොඩ්ඩක් ඇහැපියා ගන්න විදියක් නැත අපේ උන් ඩෙසිබල් 140 කින් විතර සිංදු කියනවාය.


බොංගෝ එක ගහන්නේ පිටියාය.බෙර ගැහීම, කර ගැහීම, එතනින් ගියහම තට්ටු දැමීම ගැන මූට ඇත්තේ සහජ හැකියාවකි.අතට අහුවෙන ඔන ල.... තට්ටුවක් දාගෙන ඉන්න එක මූගේ පුරුද්දය.හැබැයි ඉතින් ඒ පුරුද්දට හන්තානේදී කෙල්ලකුට තට්ටුවක් දාල මූගේ මුලු ජීවිතයටම තට්ටුවෙලා තියෙනවාය.

කෝච්චිය නුවරටත් ටිකෙන් ටික ලං උනේය.නුවරින් කොච්චියට සුනංගුවා ගොඩ වුනේය. ඒ සිද්දිය නිකන් අසිත කාලදේවල තවුසාගේ කේස් එක වගේ සිද්ධියකි. හිනාවෙන්නට හේතුව තව කොල්ලෙක් ගැන් එකට එකතු වීමය.අඬන්නට හේතුව පන ඇද ඇද තිබුන සිංදු කිවිල්ලට මූත් එකතු වීමය.මූ ඇවිදින රෙකෝඩ් බාර් එකකි. මූගේ ප්‍රියතම සිංදුව WHY THIS KOLAVERY  ය.හැබැයි ඒක කියන කොට නම් අපේ ඇඟේ මාළු ගඟේ ඩාන්ස් කරනවාය.ඒ තරමට එපා වෙලාය. මල පයින්නේ ආයි මල් බොකේ පිටිනි.


ඊලඟට සෙට් එකට එකතු වෙන්නේ බොකුටාය.වැඩියෙන් ප්‍රසිද්ධ ත්‍රී විල් ලාල් කිව්වමය මූ ගලහ එක්සත් ත්‍රී රෝද රථ සංගමයේ කමිටු සාමාජිකයෙකු වෙන අතර හිත හොඳ කොල්ලාය.කොච්චියට නගින කොට අපරාදේ කියන්නේ මූ අපිට බත් මුල් 2ක තුනක්ද ගෙනල්ල තිබුනේය.අපරාදෙ කියන්නේ බතට කුකුලෙකුටත් ආරාදනා කරල තිබුන ඈ. මූ ගැන කතා කරද්දී මුගේ වාහනය නොපෙන්නාම බෑනේහ්


කොහොමෙන් කොහොම හරි රෑ 4 විතර උනේය ඒත් මේ සිංදු ගාල ගෝට්ටියේ නම් ඉවරයක් නැත.බෝයි ට මඳ නිදිමතක් ආවේය.ලාවට සෙට් එකෙන් කැපුනේය.සෙට් එක ඉඳපු ෂිට් වලින් මදක් ඉස්සරහ ෂීට් එකකට ආවේය.අනේ යන්තං ඇඟපත දිග ඇරගත්තේය.


ගත වුයේ තප්පරයකි.අනේ නොදකිං සීතල වතුර පාරක් බෝයිගේ ශ්‍රි දේහය හරහා ඇදී ගියේය. වතුර ටික නිකං අයිස් වගේ හීතලය.එයින් මෙයින් බෝයි ගේ නිදිමත ස්වර්ගස්ත වී ගියේය.ටිකෙන් ටික අපි අදාල ස්ථානයට සේන්දු උනේය.උදේ 6 විතර වෙනකොට අපි ඔහිය ට්‍රෙන් ස්ටේශන් එකට ඇවිත් හිටියේය.

ඊලඟ ටික මග.............................

3 comments:

  1. අරුගේ ත්‍රී වීල් එකනම් පට්ට බොල.උඹලා පට්ට ෆන් එකක්නේ අරන් තියෙන්නේ.

    ReplyDelete
  2. කෝ බන් රඹුක්කනයි පින්නවලයි..?

    ReplyDelete

Share This

Related Posts Plugin for WordPress, Blogger...