Pages

Tuesday, July 24, 2012

විලාපය

විලාපය

‍ගෝල් දේශයට කෑ කෝ පප්පා වාගේ අපේ කැම්පස් එකට නම් ගබ්බාය.ගබ්බා කිවුවේ අපේ කැම්පස් එකේ ඉන්න ගායන තරුවකි(හනේ මගෙ කට). මු ඇවිල්ලා බෝයි ගේ ද හොඳ බොක්කකි.ඒ මදිවවට හොස්ටල් එකේ බෝයි ගේ රූමාය. ගායන අංශයෙන් කෙළ පැමිණි මූ සමඟ එකට රූම් එකේ වාසය කිරීමට බෝයි ඉඳහිට කිරල ඇබ, පොරොප්ප,ක්ලේ ගුලි පාවිච්චි කරන්නේ මූගේ සංගීතයේ මිහිරියාව දරා ගන්නට බැරිම තැනය

එය බෝයිට පමනක් පොදු වූවක් නොවේය.එක සැරයක් මුගේ සංගීතයේ මිහිරෙන් මන්මත් වු මුගේ ගෙදර ළඟ අසල්වැසියෙක්,අසල්වැසියන්ට ප්‍රේම කරමින් මුගේ දත් 2ක් ද ගැල වු බව පොලිස් පොතේ සඳහන් වෙයි.ඒ මදිවට කවීතා ගායන අංශයේ තරඟ වලට සහභාගී වීම නිසා අදටත් ඒ තරඟයේ විනිශ්චය කරුවන් දෙපලක් කෝමා තත්වයේ පසුවන්නේ මුගේ සංගීත හැකියාවට පංසිද්ධ වෙන්නය.

කොහොමෙන් හරි මූ මුගේ කුළුඳුල් දෙවනි ගිතයද ඊයෙ පෙරේදා එලියට දැම්මාය.දෙවනි එකට කලින් පලවෙනි එක ගැන කථා කරන්න ඕනෑ වුනත් බෝයි ඒ ගැන සඳහනක් නැතුවම දෙවනි එක ගැන කථා කරේ පළවෙනි එක ගැන කථා කරන්නට දෙයක් නැති හින්දාය.පළවෙනි සිංදුව එලියට දාපු දවසෙ ම මූ මුගේ ගෙදර slab එක දාපු බව දන්නෝ දනිති.

දැන් මේ දෙවනි සිංදුව හින්දාද බෝයිට ඇත්තේ පුදුම කරදරයකි.ගබ්බා ගේ මල කන්දොස් කිරියාව නිසා බෝයි ගේ ring tone, ringing tone විතරක් නොව sms alert tone එකට දාගෙන ඉන්න වෙලා තියෙන්නේ මේ සිංදුවය.

නමුත් මූ හිත හොඳ කොල්ලාය.අනික බෝයි ද දහම් පාසල් ගිය හොඳ බොදු දරුවෙකි.යුතුකම අකුරටය.බෝයි ගේ බ්ලොගියෙන් පබ්ලිසිටියක් නොදුන්නොත් යාළුකමෙන් වැඩක් නැත.ඔන්න සිංදුව download කරන්න ඕන ලිංකුව බෝයි පහලින් දැම්ම.

ප.ලි.------------- අනේ කොහොම හරි අමාරුවෙන් හරි අහපල්ල.අහන්න අමාරුම තත්වයක් ආවොත් media player එකේ උඩ ඇති රතුපාට කතිරයක් දාපු අයිකොනයක් ආං ඒක ඔබපල්ල





                                              Download Saminga Niraj's Newest song




Friday, July 20, 2012

මෑ ඕනද...... මෑ... ලාබයි මෑ......

මෑ ඕනද...... මෑ...  ලාබයි  මෑ......



week end එකට ‍ගෙදර ගියාම සඳුදා ලෙක්චැර් වලට බෝයි එනාවානම් එන්නේ ඉරිදා අමු රෑ වෙලාය.නැත්තම් සඳුදා පාන්දරය. campus ගිය මුල් කාලයේ දවසක බෝයි week end එකට ගෙදර ගොස් ආපසු return වෙන්න තීරණය කරේ සඳුදා පාන්දරය.ඉතින් ඉරිදා රෑ වෙලාසනින්ම බෝයි යහන් ගත වුනේ උදේ පාන්දරින්ම පිබිදෙන අටියෙන්ය.

ඇඳට වැටුනට පස්සෙ නම් අලි මරන් කෑවද බෝයි නම් නැගිටින්නේ නැත.


කොහොමෙන් හරි අම්මා‍ගේ ආටි මල්ටි හා පොකුරැ බෝම්බ ප්‍රහාර මැද බෝයි campus එන්න 1. 10 am වෙනකොට නැගිට්ටේය.දැන් ඉතින් නිදිමත මරගාතේ ලෑසිති වෙන්නත් එපායැ. දැන් බෝයි ඉතින් එක අතකින් දත් මදියි අනෙක් අතින් මූන හෝදයි යට ඇඳුමට කලින් උඩ ඇඳුම අඳියි ආපහු ගලවල යට ඇඳුම් අඳියි ඒක අස්සේ සපත්තු මාරැ කරල දාගෙනය.කොහොමෙන් කොහොම හරි මේ විදියට campus එන්න ලෑස්ති වුනේය.

බෝයිගේ ගෙදර සිට ටවුමට යන්න වි 20 විතර පයින් යන්නට ඕනෑය. බෝයිව ගෙනහින් ඇරලවන්න එදා ගෙදර පිතෘ දිව්‍ය රාජයාද නොසිටි නිසා.මාතෘ දිව්‍ය රාජයාට වැඳ බෝයි පයින්ම 2 .30 බසය අල්ලා ගන්න ගියේය.යන්නට ඇත්තේ ප්‍රධාන පාරක වුනත් වෙලාවේ හැටියට බල්ලෙක්වත් පාරේ නැත.ඒත් ටවුම ඔන්න මෙන්න තියා පාරේ කවුද ඉන්නවා වාගේ දැනුන නිසා ඒ පැත්ත ටිකක් බැලුවේය.ආච්චි කෙනෙක් හා ගැණු පරාන 2ක් එතන සිටියාය.

කොහොම හරි ඒකත් බලාගෙන bus stand එකට ආවද 2.30 බසය ඒ වන විටත් ලෑන්ඩ් කර නොතිබුනි.එක නිසා බෝයි පොඩ්ඩක් පැත්තක තිබුන බංකුවක සසුන් ගත විය.බසය එන තුරැ වටපිට නිරීක්ෂනය කරමින් සිටියේය.

හදිස්සියෙම දුවගෙන ආපු ඩයල් එකක් මට ඉස්සරහ බංකුවෙන් සසුන් ගත්තේය.ඌ බෝයිගේ  මූන බැලුවේය.නැවත නැකිට ඇවිත් බෝයි ගාවින් වාඩි විය.ඩයල් එක කරපු වැඩේ අමුත්තක් දැනුනද බෝයි නිහඬය.

ඩයල් එක - මල්ලි වෙලාව කීයද.සුපුරුදු ප්‍රශ්නය නිකුත් විය.

බෝයි      -  2.35 යි අයියේ
 
ඩයල් එක - කොහෙටද මල්ලි යන්නේ

බෝයි      -  කොළඹ අයියෙ

ඩයල් එක - වටපිට බලයි. අද සබ්ජෙටුත් අඩුයි නේද මල්ලි

බෝයි      - බෝයි ට දැන් දහසක් ප්‍රශ්නය.
                  සබ්ජෙට් කිවුවෙ  අයියේ. බෝයිද දැන් බබා වගේ අහයි.

ඩයල් එක - සබ්ජෙට් මල්ලි සබ්ජෙට්

මූ මූන ඇද කරගෙනම කියපු විදියෙන් මූ එන්නේ කොකාට බව බෝයි ට තේරුනේය.දැන් බෝයිට වැඩේ මීටර්ය.මූ එන්නේ ඩීල් එකකටය.බෝයි එන මඟ දැක්ක ගෑණු පරාන බ..... විය යුතුය.මූ උන්ගේ ඩීලර් විය යුතුය.මුලින් බෝයි ඒ  3න්දෙනා කොහේ හරි යන්න ආපු අම්මයි දුවල 2න්නයි කියල හිතල උන් එක්ක මනුස්ස කමට හිනා වුනේය.හිත හොඳ ගෑණි හැමදාම බඩින් වගේ දැන්ද කෙලවෙන්න යන්නේ මටය

ඩයල් එක - මම මේ නිකමට අහන්නේ මල්ලි නැද්ද සබ්ජෙක්ට් පැත්තට

බෝයි      - අනේ නෑ අයියෙ
                  ( මුගේ මූණ minimize වෙන්න දෙන්න හිතෙන්නේ මේ වෙලාවටය.ඇයි යකෝ තෝ
                    හිතුවද මට න............... නෑ කියල)

 

ඩයල් එක - ඉතින් මල්ලි දැන් එතකොට CAMPUS වල නැද්ද ඔව්වා.

බෝයි      - තියෙනව ඉතින්..(මේකා හරියට රක්ෂන නියොජිතයෙක් වගේය බඩුව විකුනාගෙන මිසක්
                  නොයන සෙයකි)

ඩයල් එක - එක නේ....

එහා පැත්තේ ඉඳපු අංකලයෙක් ද බෝයි දිහා ඇදට බැලුවේය.දැන්නම් ඩයල් එක පරාල ඇණයකි.බසය halt එකට එන්න තත් 30 විතර වේලා තියා බසය දුරට පෙනෙයි.දැන්ද එහෙම පෙනුනු නිසා බෝයිගේ කට කනේය. හැබැයි මෙච්චර වෙලා බෝයිව චාටර් කල මූට return එකක් නොදී යාම බෝයි ගේ සිරිත නොව මොකද බෝයි එකකුටවත් second වෙන model එකක් නොව

බෝයි      - හරි දැන් අයිය මොකද ඔක ඔච්චර හොයන්නෙ.....

ඩයල් එක - නැ මල්ලි මගේ ගාවත් ඉන්නව පොඩි සබ්ජෙට් 2ක් මල්ලිට ඔන එකක් ගත හැකි.600යි.

මූ මුලු පැටිකිරියම දිග ඇරියේය. බස් එකද දැන් හොල්ට් එකට ලෑන්ඩ් කලේය.return එක දීමට දේශය කාලය කුලය මව පියා නිවරදිව තිබුනේය.

බෝයි      - හාපෝ අයියේ 600 යෙ ඒවා දිහා අපි හැරිල බලන්නෙත් නැ.ඔවට හිඟන්නොත් ක.........
                  ඇති නේ.කියාගෙන බෝයි නැගිට බස් එකෙන් ඇවිත් වාඩි වුනේ හීනියට අරෑගේ මූණ
                  ඇද වුන බවත් දැකගෙනමය.

තොපි ත් පාරේ යනකොට බිම බලාගෙන පලයල්ල මම වගේ කෙලවගන්නෙ නැතුව. එහෙනන් මම
 ගියා.  මෑ........ ලාබයි මෑ........


Monday, July 16, 2012

ඈං....... පීක් පී...ක්

ඈං....... පීක්  පී...ක්


පුතේ..... පුතේ....... පියානන්ගේ වීණා ශබ්දය ඇසේ.weekend එකට ගෙදර ඇවිත් හා පුරා කියල Game එකක් ගහන්න computer එක on කලා පමනකි.මෙවනි අවස්ථාවල නිහඬතාවය රැකීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගතහැකි බව බෝයි ප්‍රත්‍යක්ෂ වශයෙන් දනී.දැන් බෝයි කන් දික් කරගෙන ඉන්නේ ආපහු කථා කරාදෝ සැකෙනි.නැත සද්දයක් නැත තාත්තාට වැඩය අමතක වුනා වගේය.



පු...තේ... ඒ පාර නම් වැඩේ හරිය පියාට මල පැනපු සෙයකි.දැන්ම නොගියොත් නැවකට බැනුම් සමඟ පාරුවකට පමන ගුටි කෑ හැක.බෝයි පුටුවෙන් නැකිට වහා මව පියා බාරකරු සොයා එලියට පැමිනියාය.

පුතේ ගිහිල්ල මෙන්න මේ කෑල්ල කඩෙන් ගෙනල්ල දෙන්නකො.එය අපේ තුන රෝද රථයේ මොකද්ද කෑල්ලකි. අනේ Game එක දාගත්තා විතරයත වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් වෙන්න එපාය.

හා තාත්තේ ගෙනල්ල දෙන්නම්.බෝයි ක්ෂනිකව සල්ලිත් අරගෙන කෑල්ල ගේන්න තුන රොද රථයටම ගොඩ වී start කලාය.හිතුවා වාගේම තාත්තාගේ ක්ෂනික රියදුරැ පාඨමාලාව හා මාර්ග සංඥා උපදෙස් මාලාව ලැබෙන්නට පටන් ගත්තාය.මොක අහන් හිටියද බෝයිට බණ අහන් ඉන්නට බැරිය.වහා seen එකෙන් මාරු විය.

බෝයි වාහන පදින්නේ ඉතාමත් හෙමින් බැවින්(බොරු නම් අපේ ග්‍රාම සේවකගෙන් අහපල්ල) තුන රොද රථයේ කෑල්ල ද අරගෙන ඉතාම හෙමින් රථය පදවාගෙන ආවේය.

කරුමයකි දැන් බෝයි ගේ ඉදිරියෙන් යන්නේ රතු පාට super saloon එකකි.මේක යනවාට වඩා ගාටනවාය.මෙක පදින එකා මෙක පදිනවා කියනවට වඩා එකා මේක දක්කනවා කිව්වොත් ටොප්ය.ඒ මදිවට මු බෝයිට ඉස්සර කරන්නද දෙන්නේ නැත.දැන්නම් මුගේ රෝද 4රේ හුලං යවල ස්පෙයාර් වීල් එකේද හුලන් යවන්න තරම් බොයිට මලය.කොහොමෙන් හරි දන්න වැඩ සේරම දාල එකට ඉස්සර කරන ගමන් රියදුරු අසුන දෙස ආදරයෙන් බැලුවේය.ඩ්‍රයිව් කරන්නේ කෙල්ලෙකි.මව් ගුණ පිය ගුණ කටින් පිට වුනද.බෝයිගේ ඔලුවට දෙයක් ආවේය.

කෙල්ලොන්ගේ ඩ්‍රයිවින් කොල්ලොන්ගේ ඩ්‍රයිවින් වලට වඩා පට්ට අප්සෙට් නේ..........

 හා බොරු ද බලපල්ල



ඉතින් ගෙදර ආපු ගමන් නෙට් සර්ච් එකක් දැම්මා මෙන්න හොයා ගත්තු විස්තරේ

Wednesday, July 11, 2012

ඒයි........ අරින් එකෙක්



 ඒයි........ අරින් එකෙක්

අද කතාවෙ විරයා අපේ බැජ් එකේ සාධාරන කොටායි. කාඩ් එක නම් හෙවා. මූ ගැන නොදන්න මිනිහෙක් අපේ කැම්පස් එකේද නැත. හැබැයි කාඩ් එක හෙවා වුනාට මුගේ ප්‍රසිද්ධ නම හාවා ය.
රඹුක්කන පැත්තේ ගං තුලාන කින් පැවත එන මූ රඹුක්කන කීවාට රඹුක්කන සිට ඉටිපන්දම් පැකට් 700 විතර දුර  බව අපි දැනගත්තේ මුගේ ගෙදර ගියාමය. පියවර 5කින් නිදාගැනිම සම්බන්ධව මූට පශ්චාත් උපාධියක්ද තිබෙන බව නොකියා බැරිය.

 
එදා මහ එපා කරපු දවසක්ය. කැම්පස් එක වේලිලාය. කොල්ලන්ට කරන්න වැඩකුත් නැත. අපේ පහල බැජ් එකේ කොල්ලෙකුගේ මාමා බාප්පා සීයා දෝ කොහෙද හාන්සි ප්‍රයිස් ගහල තිබුන නිසා( මේ බෙලොගිය දැකල පොඩි එකාට පුෂ්ප මකරන්දය පනීද දන්නෙ නෑ) එහේ යන්න සෙට් වුනා.

 
යන්න සෙට් වුනේ පටියයි ( කොයි පටිය), හෙවයි, බෝයි තුයි කියන්නේ මමයි.
මල ගෙදර තිබුනෙ වැලිසර නිසා අපි 3න් දෙනා රාගමට ගිහින් එතනින් වැලිසර යන්න සෙට් විය.ගම්පහට ගොස් කෝච්චිය එන තුරැ බලන් වුනි.
හප්පේ මල හත්තිලව්වයි... හෙවා කෙන්ඳිරි ගාන්නට විය. බෝයි වටපිට බැලුවේය. වම බැලුවේය දකුණ බැලුවේය නැත මීටර් වන කිසි දෙයක් නැත.
මුට බොකක් වත් සෙට් වෙලාද?
බෝයි - මොකෝ බං
හෙවා - අර පිස්ස බං
බෝයි - මොන එකාද බං
හෙවා - අර ඉන්නේ... ඕකා දුටු දුටු එකාට වන්දිනව බං කපල් නං පෙන්නන්න බැ.
බෝයි වටපිට බැලුවේය වැඩේ ඇත්තය. මොන්ටිසෝරි බැගයක් දාගත් ඩයල් එකක් කපල් එකක් ගාව හිටගෙන ඉන්නවාය. කපල් එකේ කොල්ලට නම් ඉඳගෙන උන්නු බංකුව උඩ චූ වෙච්ච ගානට මුනත් තහඩුව ඇද වෙලාය.
සීන් එක නරඹන අතරතුර කෝච්චිය පාත් විය.ඩෝං ගා අපි කෝච්චියට ගොඩ වී කෑල්ලක් බලාගෙන රාගමට සැපත් විය. බෝයිට කොහේ ගියද ජල ප්‍රශ්නය උග්‍රරය. වතුර නම් නැතිවම බැරිය.දැන් දිව ගිලෙන ගානය. බොහොම අමාරැවෙන් දිව අතින් අල්ලා ගෙන ටැප් එකක් සර්ච් කිරිය.
හා මේ තියෙන්නෙ දිලිසි දිලිසි....
බෝයි ටැප් එකම කටේ දාගෙන වතුර බොයි.
පටියාද මටත් ඕ බාං කියාගෙන ආවත් හෙවා එහෙ මෙහෙ කැරකෙන්නේය.
ඒයි බං........හෙවා දුවගෙන ඇවිත් මොර දෙයි
බෝයි වටපිට බැලුවේය ආපහු පිස්සෙක් වත්ද?

මූ දගලයි, ගැනු ලමයෙකු මෙන් විලි බර වෙයි,කකුලේ මහපට ඇඟිල්ලෙන් වලවල් හාරයි
මොකද යකෝ තොට වෙලා තියෙන්නේ පටියා සිංහ නාද(බලු නාද) කලේය.

ඕයි මට එකෙක් හිනා වුනා බං
බෝයි පුෂ්ප මකරන්දය එලියට පැන්නේය.
මේ මොන උක්ත ආඛ්‍යාතයක්ද මූ කියන්නේ

ඉතින් හු......... හිනා වුනා නං හිනා වෙයන් තො අඳුරන එකෙක් වෙන්න ඇති
හෙවා නැවත පුක විකාගෙන ලැජ්ජාවෙන්

ඒයි අරින් එකෙක් බං....
දැන් බෝයිට වැඩේ මීටර්ය දඩ දඩ ගා මූ කිව් ස්ථානයට ආවේය. වැඩේ සැබැය හෙන පත 6*4 ලොල්ලෙකි.
              අංග ලක්ෂන

                                කොන්ඩය කළු
                                තට්ටය පෑදී ඇත
                                නලල පලල්
                                ඇස් එලියට ඇවිත්
                                නාහේ ගිරා හොට වගේ
                                තොල් කළු
                                බඩ ලොකු
                                ටී ෂර්ට් එක යට කරල
                               ඩෙනිම දාල
                               නයිකි sport shoes දාල
                               තඩි බිත්ති ඔරලෝසුවක් අතේ බැඳලාය
   
 දුවගෙන ආවාට මූ දිහා එක පාරට බලන්නට ලැජ්ජය.මොකද බෝයි පුදුම විදියට ලැජ්ජ බයට හැදුන එකෙක්ය. බැලුව විතරය මූ මටද හිනාවක් දැම්මේය ඒක හිනාවක් නොව පනාවකි
.

මදිවට මූ මට අත වනයි. හිත ගල් විය,මල් විය,ගල්  මල් විය,දෙක පල් විය. මේ මොන !@@##$$%%^^*())(*&^##^*(*$%&*)_(^#^&*#$%^&*#$%^&*(%^&*

හිතින් බැන්නද ඒකෙත් පොඩි ආතල් එකක්ය.
අපි ෆැලැට් ෆෝම් එකේ ඇවිද යන ගමන් හැරිල පොඩි සැලියුට් එකක් දැමීය

Share This

Related Posts Plugin for WordPress, Blogger...