Pages

Monday, November 19, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ..7


 හෝර්ටන් සෝදාපාළුවෝ..7

ඊලඟට කඳු වැටි බඩ වැටි පාළු සොහෙන් පිටි ගල් පාලම් ගානක් අපි පහු කරේය.


හැබැයි සුනංගුවා ඉඳපු පොස්චර් එක බෝයිට ඇල්ලුවේ නැත ඇ යකෝ බැලුවොත් ඇත්තං මූ 2 එලියට දාගෙන ඉන්නවාය.

 
අවුලක් නැත පස්සෙ දැන ගත්ත විදියට ඇවිදපු දුර වැඩි නිසා මුගේ ඉකිලි කැපිල තිබුන බව ආරංචි උනේය

අපි ඊලඟට මහ තැන්නක ඇවිදගෙන ගියේය මේ අතර තා එකෙක් වෙනම කේස් එකකි.උඩ පැන පන exasice කොරනවාය.   මුගේ නම නම් කට්ටාය සංයුක්ත නාමය සිප්පි කට්ටාය.ගිනස් වාර්තාවකට උරැම කම් කියන්නෙකි ඒ වෙන මොනවටවත් නෙවේය වූෂු තරඟයකට චීනෙට ගිය මූ කාපු ගුටි වල තරමටය.

බේකර්ස් ඇල්ලට පස්සේ අපේ ඊලඟ නැවතුම චිමිනි පොකුනයි.




 අනේ ඉතින් කියන්න අමතක වෙච්ච කාරණාවකි අප අතර පරිසර දූෂකයෙක්ද විය ඒ වෙන කවුරැවත් නෙවේය ගමයාය මුට කොහේද නැති බඩේ අමාරැවක් හැදිලාය තැන් 7 8 කදීම හෝර්ටන් තැන්න දූෂනය කල මූ සුපුරැදු ලෙස කල් යල් බලා චිමිනි පොකුණ ප්‍රදේශයද දූෂණය කරේය.


මුගේ බඩේ අමාරුව සඳහා පුර්ණ සහයෝගීතා අනුග්‍රහය පටියාගෙනි.මොනවා උනත් පටියා හිත හොඳ කොලුවාය



චිමිනි පොකුණද බලල ඉවර උනාට පස්සෙ සෙට් එක අපහු කැන්ටිම තිබුන තැනට ටිකින් ටික ආවේය.රුකඩයාට ටිකක් අමාරු බව දැනුන නිසා බෝයි රුකඩයාවද ඇද ගෙන ආවේය.

මේ අස්සේ මී දුම එන්න එන්නම ඝන වෙයි.යන්න තියෙන පාර නෙපෙනෙන සයිස්ය






දැන් ඉතින් ආපහු පලයල්ලකො ඔහිය ස්ටේෂන් එකට.ඒත් දැන් කණ්ඩායමේ සමහරුන්ගේ තත්වය අනුව පයින් ගමන සම්පූර්ණ කරන එක සදා අනාත වෙන සීන් එකකි ඒක නිසා පහලින් මොකක් හරි රෝද හතරක් ගෙන්නා ගැනිමට කතා පොජ්ජ මන්දො කරේය. පටියා එහෙම කැන්ටිමට ගොහින් පහල තියෙන වාහනයක නම්බරයක් ඉල්ලා ගන්න පොඩි ට්‍රයක් දැම්මේය.

දැන් මේ සිද්දිය අතරේ දාමාගේ පොඩි පර්යේශනයක්ය.(පරේශනේ උඔලට වැඩක් නෑ ප්‍රතිපල සාර්ථකයි-තේරුන් ගන්න පුළුවන් ඈයො තේරුම් ගනින්-උදේට නගින්නේ ඉර විතරද ඒකම හීතලටත් ඔට්ටුද)



දැන් ඉතින් අපේ ඈයෝ පන දාගෙන බලන් ඉන්නේ වාහනයක් එන තුරුය.අනේ වි15ක්   ගියේය තාම නැත.වි30ක් ගියේය තාමත් නැත.ඔයි අතරේ මර හීතලක් එක්කම මහ වලාකුලකින් අපි සෙට් එක කවර් වුනේය.

ඊලඟට...................

Share This

Related Posts Plugin for WordPress, Blogger...