Pages

Thursday, November 22, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ..9


හෝර්ටන් සෝදාපාළුවෝ..9


බැහැපං හු/*-+/-+/*-+ ඌර වගේ නිදාගෙන ඉන්නේ නැතුව මොකෙද්ද බෙරිහන් දෙනවාය. යකෝ බසය දන්නේ නැතුව හාලි ඇලට ඇවිල්ලාය.පැයකුත් ගතවෙලාය ඒත් බෝයිට ඒ ඇහැ පියවෙච්ච පැය හරියට විනාඩි 5ක් වගේය.සෙට් එකම හාලි ඇලින් බැහැගත්තේය.

හේරො දැන් මෙතන ඉඳල කොච්චර දුරද උඔලගේ ගෙදරට

වැඩි දුරක් නෑ බං කිලෝ මීටර් 2ක් විතර ඇති සමහර විට ඊටත් අඩු ඇති


එහෙනන් වීල් එකකින් අහල බලමු ගාන කීයද කියල

ත්‍රි වීල් එකකින් ගාන ඇහුවේය


250යි මල්ලි

යකෝ මුං හිතුවෙ ආණඩුවෙ 350ට දෙන සහනාධාර පෝර ගහල අපි සල්ලි වවනව කියලද දන්නේ නැ බෝයි තියා බෝයි බල්ලාවත් යයි ඒ ගානට

අඩෝ  මොන මඟුලක්ද බං කිලෝමීටර් 2කකට 250ක් දෙන්නේ අනිත් එක අපි කොච්චර දුරක් අද ඇවිද්දද මන්න ඔහේ ඔයි ටිකත් ඇදල දාමු -අදහස බෝයිගෙන්ය



අනිත් ඇයෝද අදහස එකහෙලා අනුමත කරේය.නැවතත් සෙට් එක පාරේය .යකෝ චන්ඩි වගේ බැස්සා වගේ නොවේය ටිකක් දුර යන කොටය කරපු ගොන් කම තේරැනේය පාරේ එක එලියක් වත් නැත අඩුම තරමේ කනා මැදිරි එලියක් වත් නැත්තේය ඒ මදිවට පාර හදනවා විය යුතුය චිප් ගල් කඳු වැලි සිමෙන්ති සුවඳ මහා දූවීල්ල මඩ වලවල් කම්බි කූරැ මහා කරදර ගොඩක් අපි මත්තේය.


අනිත් එක අපි කවදාවත් ගියපු නැති පාරක් මේ විදියට ගමන් කරන එක ඇඬෙන ‍සීන් එකකි. බෝයි හෙමීට බැග් එකේ තිබුන පොඩි LED ටෝච් එක ගත්තේය එත් තියෙන කළුවරේ තරම හින්ද ඒකෙන් මීටර් 2ක 3කට වඩා නම් පෙනෙන්නේ නැත.ඒත් ඉතින් මොනවා කරන්නද කරුවලේම අතපත ගගා ගියේය.


සමහර උන් ලෑල්ලටම පාගල ගියාය. බෝයි අනිත් පිරිස සමගම හිටියාය ඒත් බෝයි හෙවා සමඟ තනි උන වෙලාවකදී හෙවා යන්න බෑ බං අමාරැයි කිව්වේය ඒත් දැන් ගමන නවත්තන්න බැරිය.අවසානය පේන මානේය.


යමන්ං මචන් තා ටිකයි පිකප් එක බෝයි ගෙන්ය ඒත හත්තිලව්වේ යන වා යනවා ඉවරයක් නැත යකෝ මු ගේ කිලෝමීටර් 2ක DSI company එකෙන් ගහපු එකද්ද මන්දාය  දැන් නම් බෝයි ට තේරෙන විදියට කිලෝමීටර 5ක් විතර ආව විය යුතුය

වෙලාව රැ 10 විතර වෙන්න ඹ්නැය  බෝයි හෙවා එක්ක ටිකක් නැවතුනේය

මචන් මහන්සියි මේ පාරේ බලහංකො වාහනයක් වත් යන්නේ නෑනේ චුට්ටක් ඉඳල යමන්

අපිට පිටි පස්සෙන් ආපු මුදියා පිටිය ගබ්බ කැකිර නැවත අපිට සෙට් වුනේය දැන් 5ස් 6 දෙනා එකතුවෙලා වට මේස සාකච්චාවකි

තව නම් අඩියක් යන්න බෑ බං මම මේ කොහෙන් හරි ඉඳල නිදාගෙන හෙට උදේ යනව. අඬහැරය මුදියාගෙන්ය



හරි කැකිරො හේරට කෝල් එකක් දාල අහපන් උගේ ගෙවල් වලට තා දුරද කියල

කැකිරා හේරාට දුරකතන ඇමතුමක් දුන්නේය සිද්දියේ හැටියට ගෙදරට නම් තා විය යුත්තේ ටික දුරකි

එක නිසා සෙට් එක ගමන ආපහු පටන් ගත්තේය  කොහොම උනත් ගබ්බටත් හෙවාටත් යන්න අමාරුම වගේ දැනුන නිසා බෝයි උන් 2න්නාවත් ඇද ගෙනම කන්ද නගින්නේය. කොහොමෙන් හරි පැයකටත් වැඩි ගමනකින් පස්සේ අපි හේරාගේ ගෙදරට සම්ප්‍රාප්ත උනේය. හේරාගේ පතුරු යන්න ඇමතිමට කට සකස් කරගෙන ආවත් මූ අපිට වැඩිය කට්ටය

ගේ දොරකඩදීම මූ අපිට කෙහෙල් ඇවරියක් දික් කරේය.



දැන් ඉතින් කොහේ බයින්නද අපි කෙහෙල් වලට වහපු කෝඳුරුවෝ වාගේ කෙහෙල් බුදිනවාය

හේරාගේ ගෙදර තියෙන්නේ බස් පාරට වඩා මීටර් 15 විතර උඩින්ය.පොඩි ලස්සන ගේ පෝඩ්ඩකි ගෙදර තැන්න වගේ තියෙන මිදුලේ අයිනක නවතින්නේ නැතුව දෝර ගලන පීල්ලකි.අපි එනවා දන්නා නිසාදෝ හේරලාගේ අම්මා පීල්ල ගාවින්ම මහා වතුර හැලියක් ලිග් ගල් 3ක් උඩ උණු කරනවාය.



ගේ ඇතුලට ගිහින් දඩ බඩ ගා ඇඳුම් පන්නලා ඇවිදින් ඉස්සෙල්ලම මූන කට හෝදා ගත්තේය.

මුණ කට හෝදා ගත්ත අපිට රාත්‍රි ගොදුර ස්ටෑන් බයි බව හේරා දැනුම් දුන්නේය

අපායට යතත් කලින් පලයන් කියල කියමනක් තියෙන නිසා බෝයි එකෙන්ම කෑම මේසයට සෙට් වූනේය.අම්මෝ........ මස් එහෙම උයල කෑම සුපිරියටම තිබුනේය.


වැඩේ කියන්නේ අපි 20කට විතර කෑම හදල තිබුනත් හාලි ඇලින් කොල්ලෝ සෙට් එකක් හැලීම නිසා මෙතන 20ක් නම් නැත‍ ඒත් අපි ආයි කර අරිද හේරලාගේ අම්මාට උණ ගැනේනන කෑවේය
විශේෂයන් ම ජොරා එහෙම ප්‍රධාන ආහාරය වශයෙන් මස් ද අතුරැ පස වශයෙන් බත් ගිල්ලේය

කන අතර තුර වැඩි විස්තර සාකච්චා වෙන්නේය

අඩෝ හේරෝ උඹල අර ආපු ස්පීඩ් එකෙන්ම ආවද බං

මඟුලක් කතා කරනව මූ කලන්තෙ දාල වැලි ලොරියක පටවල බං ගෙදරට එව්වෙ. කින්ඩිය ජොරා ගේන්ය(ජොරා ඌට කින්ඩි දැම්මට ඌ ටොයිලට් එකේ කලන්තේ දාපු බව දන්නේ අපිය)



කා බී හමාර වූ පසු දෙයියනේ කියලා අපි ඇඳං හොයන් පැමිනියෙමු.ඇඳක් කියන්නේ දිව්‍යෙලෝකෙ සැපය.ගබ්බාට කියා තුනටියේ  කරටියේ හා ප්ලීහාවේද බාම් ගා ගත්තේය දෙයියනේ කියලා නිදා ගන්න ඇහැ පියා ගත්තා විතරය බෝයි ගේ කරුමය හරහට හිටියේය.බෝයිගේ පසෙකින් නිදා ගන්න පැමිනියේ දාමාය මූත් එක්ක නිදා ගන්නවාට වඩා හොඳය ඇහැරගෙන ඉන්න එක ෂුවර් එකටම මූ නින්ද ගිය සැනින් බෝයි ගේ ඇඟ උඩින් කකුලක් දාගන්නවාය.අනිත් එක මූගේ නව දොරින් එක දොරකට බ්රේක් නෑය.



කොහොම උනත් කිලෝමීටර 45ක ඉතිහාස ගතවෙන පයින් යෑමකට පස්සේ විනාඩි 2ක තුනකින් බෝයි ගේ ලයිට් ඹ්ෆ් උනාය.

අන්තිමට.........

Share This

Related Posts Plugin for WordPress, Blogger...