Pages

Wednesday, November 14, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ..4

හෝර්ටන් සෝදාපාළුවෝ..4

යකෝ වැඩේ රඟේ තේරුනේ තව ටිකක් යනකොටය.මුලින් මුලින් මේ මගුල තැන්නක් වගේ තිබුනේය


ඒත් මගක් හරියේදී මේක තනි කන්දකි ඒකත් එසේ මෙසේ කන්දක් නොවේය අඟලට හැතැම්මයක විතර නැග්මක්ය.අනේ දැන්නම් සෙට් එකෙට කලිසමේ පහ වෙලා තිබුනේය.ඇයි ඉතින් උණු හින්ද අහක දාන්නත් බැරිය කිරි හින්ද බොන්නත් බැරිය.මෙච්චර දුර ඇවිල්ල ආයි හැරිල යන්නත් බැරිය.

දැන් නම් ඉතින් අඩුවක් පාඩුවක් නැත කොල්ලෝ ලවක් දෙවක් නැතිව කන්ද නගිනවාය.ඒ වුනාට ඔයි අතරේ බෝයි ගේ නාස් පුටයට සිග්නල් සුවඳක් දැනී දැනුනේය.

යකො බැලින්නම් සුනංගුවා දත් මදිනවාය.මූට පු..... ඉඳල පිස්සුද කෙහේදය.මේ ගමනක් අතරෙ දත් මදින්න.හොස්ටල් එකේදි නම් මූව නාවන්න දියවර මංගල්ලයක් තියන්න වුවමනාය.

අනේ කොහොම වුනත් උඩට යන්න යන්න පුදුම ලස්සනය වටේපිටේ ඇත්තේ අමුතුම ලස්සනකි.මේ හරියෙන් පර්චස් එකක් අරගෙන තනි කකුලෙන් හිටගෙන හිටියත් සැපය.


දැන් නම් මාර කේස් එකක්ය ඇත්තටම විලි ලැජ්ජාවේ බැරි කේස් එකකි මුලින් කන්ද සෙට් එකම එකට නගින්න ගත්තද දැන් දැන් චුට්ටක් විතර සෙට් එක කෑලි වලට කැඩිලාය. පින්න ල බොකුටල සෙට් එකේ ඉස්සරහින්ම යයි ජොරා,බෙනා එහෙම මැදින් යයි.රූකඩය කැකිර එහෙම අන්තිමට හති දාගෙන දුම දාගෙන කන්ද අදියි.(බෝයි මේ හරියේ හිටියේම නැත).

බෝයි ගේ පපුවෙන් රාරාං රූරූං වගේ සද්ද එන්නේය, මහන්සිය.ඒත් බෝයි යනු ඉස්සරහට මිසක් පස්සට යන මිනිහෙක් නොවේය.බැරිම උනොත් අනිත් පැත්ත හැරිල ඉස්සරහට යනවාය.වැටිල තිබුන හොඳ ලස්සන දණ්ඩක් අහුලා ගත්තේය.ගමනේ ඉතුරු හැම අඩියකටම මේ දණ්ඩ බෝයි ට හෙල්ප් එක දුන්නේය.(දණ්ඩ අපිට අපි දණ්ඩට)

යකෝ සෙට් එකේ පස්සෙන්ම යන එක විලි ලැජ්ජ නැති වැඩකි.ඇරත් ඒකෙන් මේකෙන් ඇමරිකාවට මූන දෙන්න බැරි වෙන්නේ බෝයිට ය. පුළුවන් තරම් හිතට හයිය අරන් TOP ගියර් එකටම දාල ගමන පටන් ගත්තේය.දැන් ඉතින් බෝයි ඔරේ RUN ය.ඒත් වැඩි වෙලාවකට නම් නෙවේය.ඒකෙන් වුනේ මහන්සිය වැඩි වුන එක විතරය.පිටේ තිබුන කිලෝ 20 විතර බැග් එක ගැලෙව්වේය.විලි ලැජ්ජාව අත ඇර පොඩ්ඩක් ඉඳල යමල්ලා ගෑවේය.දපස් ගා යන පාරේ ම නිදා ගත්තේය.(හනේ බෝයි ගේ පතිවත)



හැමෝම ටිකක් නැවතුනේය.ඒකෙන් හොඳ ෆිට් එකක් සරුවාංගයට දැනුනේය.බෝයි නැකිට්ටේය.වටපිට ඇහැලෑවේය.හිකිස් නයි කයිද රෝස් පාං,විලි ලැජ්ජාවේ බැරිය.පිටියා දමාගෙන ලාටුවාට කෘතිම ස්වසනය දෙනවාය.ඇයි යකෝ බෝයි හිතුවේ ඌට විතරක් වැඩියෙන් අමාරුය කියලාය ඒත් බලද්දි බෝයි හොඳයිනෙ. හි හි.....,



අපහු ඉතින් කන්ද නගින්න පටන් ගත්තේය.අඩෝ මෙව්වා බලු වැඩය ඇත්තටම තුච්ච වැඩය මුන් තනියම පොටෝ ගහන්න ලෑස්ති වෙනවාය එව්ව කොහේද අපිත් එක්ක






කොහොමෙන් හරි කස්ටිය ආයි කන්ද නැගගෙන නැගගෙන යයි ඔයි අතර මුගේ අම්............මොකද්ද බං මූ මේ ට්‍රිප් එකක්  යන්න කියල හොයාගෙන තියෙන්නෙ වගේ වදන් වලින් බෝයිව අමතනවා බෝයිට නෑසුනා නොවේය.ඒ වාගේ තැන් වලින් බෝයි මාරු වන්නේ ආඳා වගේය.

ඔයි අතරේ ඩීමෝ බට්ටෙක් කොහෙන්ද මතුවී අපි යන පැත්තටම ගියේය. ඒකෙ ඇතුලේ තව කොල්ලො 5 ක් 6ක් විතරත් කෙල්ලො දෙතුන් දෙනකුත් හිටියේය.පස්සෙ දැන ගත්තු විදියට උන්ද තව කැම්පස් එකකින් ආපු උන් වගයක්ය.නොදකිං ආපු එකේ ආතල් එක උන් ගන්න දන්නේ නැත.පව් සල්ලි....

හදිස්සියේම මේ කැලේදී බෝයි ට මහා දරුණු සත්වයෙක් මුණ ගැහුණේය මේ..................


දැන් නම් මහන්සියේ උපරිමයට ඇවිල්ලාය බෝයි ගේ දිව කකුලේ පටලැවෙයි.ආපහු ලැජ්ජාව බිම දිගේ යැව්වේය.පොඩ්ඩක් ඉඳල යමල්ලා.ආපහු බෝයි පාරේ නිදිය.සමහර උන් නැවතුන ද ඉස්සරහින්ම ගිය උන් නවතින පාටක් නැත.පටියා මුදිය කැකිර ලාටුව වගේ උන් ටිකක් බෝයි එක්ක නැවතුනේය.

ටිකක් ඉඳල යමන් බං........

Share This

Related Posts Plugin for WordPress, Blogger...