Pages

Wednesday, November 21, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ..8

හෝර්ටන් සෝදාපාළුවෝ..8


දැන් ඉතින් අපේ ඈයෝ පන දාගෙන බලන් ඉන්නේ වාහනයක් එන තුරුය.අනේ වි15ක්   ගියේය තාම නැත.වි30ක් ගියේය තාමත් නැත.

ඔයි අතරේ මර හීතලක් එක්කම මහ වලාකුලකින් අපි සෙට් එක කවර් වුනේය. මේ විදියට තා ටික වේලාවක් බෝයි හිටියොත් බෝයිට ත් වෙන්නේ ටයිටනික් එකේ ජැක්ට වෙච්ච වැඩේය.වහාම බෝයි ගේ පිටුපස එල්ලාගෙන ඉන්න පලා මල්ල ලිහුවේය.පියතුමාටත් හොරා අරගෙන ආපු පොලිස් රේන් කෝට් එකෙන් බෝයිගේ සරුවාංගයම අඪය විය.



අනේ මේ අල්ල පනල්ල අස්සේ ලස්සන ගෝන්නු සෙට් එකක් අපි ඉන්න තැනට සපැමිණියේය .ආයි මොනවද අපේ ඈයෝ උගේ මහාබඩවැලේ ඉඳලම පිංතූරු ගැසුවේය.බොලේ හැබැයි තාම අපේ ගමනට වාහනයක් නම් නැත.දැන් පැයකුත් වෙන්න එනවාය.



මේ ලබ්.... බලන් ඉඳල හරියන්නෙ නෑ බං පයින් හරි හෙමින් හෙමින් යමන්

අනේ ඉතින් නැවතත් බෝයි හා උගේ සෙට් එක මහමඟය.දැන් නම් එකා දෙන්නා බෝයි දිහා බලන්නේ හරියට.තෝ ගියහම අහුවෙයන් තොගෙ කැව්ම කනවා කියන්නා වගේය.

දැන් හවස් වේගෙන එනකොට තමාය අපේ උන්ට උන් උන්ගේ බිරින්ඳෑවල් මතක් වෙන්නේ.එක එකා හෙමීට පැත්තට යයි සිග්නල් කනු හොයයි


 
කොහොමෙන් හරි කුර ගෙවෙනකං අවිදල ඇවිදල අපි හෝර්ටන් ප්ලේන් එන්ට්‍රන්ස් එකට ආවේය.ඒ එන මඟ නැවතුන වාර හති ඇරපු වාර අනන්තය.




ඒත් එන්ට්‍රන්ස් එකට ආවට වැඩක් නැත තා කිලෝමිටර් 6 කට වැඩිය ඔහියට පයින්ම යන්න තියෙනවාය.දැන් නම් කකුල් 2ක දණපොල් කට්ට ගාවටම ගෙවිලාය.ඒත් වාසනාවට එන්ට්‍රන්ස් එකේ කවුද ඩයල් එකක් ඉන්නවාය. වෑන් ඩ්‍රයිවර් උතුමෙකි(මේ වෙලාවට උතුම නෙවේ දෙයිය කිව්වත් අවුලක් නෑ)

කොහොම හරි මිනිහ අපි උඩදී කෝල් කරපු ඩයල් එකයි ඒත් මොකක් හෝ අවුලක් නිසා මිනිහට එන්න වෙලා නැත.කොහොම හරි පහලට යන්න  එකක් හම්බවුනේ වාසනාවටය.නැත්තම් ගෙදර එන්න වෙන්නේ කකුල් නැතුවය.මෙන්න මේ වෙලාවේදී තමාය බෝයි තමාගේ අතේ මෙච්චර වෙලා තිබුන පොල්ලට ආයුබෝවන් කිව්වේ. මුලින්ම පොල්ල අයිනේ තිබුන පං ගහකට හේත්තු කරල 8 දිශාවට දහ වැඳුම්  වැන්දේය.(මේ කරගත් පිනෙන් අමා මහ නිවනින් පොල්ල සැනසේවා....)

හරි දැන් පොලු වන්දනාව ඉවර කරල බෝයි යන්නට තියෙන වාහනය දිහා බැලුවේය හුටා...


 මේක කටු ගෙයින් හොයාගත්ත එකක්ද මං දන්නේ නෑය.DELICA T100 ලොවෙත් පරණ වෑන් එකකි.ඒ මදිවට මෙතන කොල්ලො රෑනකි.ආයි ඉතින් බලන්න දෙයක් නැත හොර හරක් පැටෙව්වා වගේ වාහනේට කොල්ලො ටික පැටෙව්වාය.ඒ පැටවිල්ල නම් වල්ඩ් රෙකෝඩ් එකක් වෙන්න ඕනෑය පිටියා වැන් එකේ ඉස්සරහ ඩෑෂ් බෝඩ් එක ළඟ දන ගහගෙන ඉන්නවා වගේ බෝයි දැක්කේය.ඒ මදිවට ගමුවාගේ(පැස්බරා) කකුල බෝයිගේ නාහෙ ගාවය.ඒකේ ගඳට බෝයිට බාගෙට කලන්තේය.

ටික දුරක් වාහනය ආවේය අවුලක් නැත තා ටික දුරක් ආවේය. අවුලක් නැත.මෙන්න කන්දක් නගිනවාත් එක්කම වාහනය දබස් ගා හිටියේය.හයියෝ සැලරි....... දැන් නම් කන්න වෙන්නේ ජාතික කට්ටකි.

වාහනයේ ස්ටාර්ට් වුනත් ඇක්සලරේටරය පාගනකොටම නවතියි මේ මොන කරුමයක්ද මන්දාය මැදැ වාහනේකින් ගියා.

බෝයිට පලමු වතාවට වාහනය පරික්ෂා කරන්නට ලැබුනේය යකෝ මේක මෙච්චර දුර ආපු එකත් පුදුමය. මේ මඟුලේ පිටිපස්සෙ වම් අත පැත්තේ රෝදයේ බාගයක්වත් හුලන් නැත.පෙට්ට්‍රල් ටැංකියට යන බටය ගලවල ඩ්‍රයිවින් සීට් එක ගාවින් ලීටර්1.5 ස්ප්‍රයිට් බෝතලේකට පෙට්‍රල් දාල ඒකට සෙට් කරලාය.තා ඒ මදිවට පිටිපස්සේ දොර අපි අල්ලන් යා යුතුය නැත්තං ඒක බිම වැටෙනවාය( කොහොමද වාහනේ සුප්ප නේ....).මේ වාහනේ අපායෙන් හයර් දුවන්න ආපු එකද්ද මන්දාය.

දැන් නම් හොඳටම ඇඳිරිත් වැටිලාය අපි නොදන්නා කැලයක් මැද හුදකලා වෙලාය.බෝයි ඩ්‍රයිවර් අයියා ගාවට ගියාය.මිනිහා පණ දාගෙන මොනවද වයර් වගයක් අමුනනවාය.

අයියේ වැඩේ ගොඩ දාගන්න බැරි වේවිද?

ඒක තමයි මල්ලි මෙහෙම කරමු ඔයගොල්ලො වාහනේට පොඩි තල්ලුවක් දෙන්න මේ කන්දෙ මුදුනට යන කම් ඊට පස්සෙ දිගටම ඔහියට යනකම් තියෙන්නෙ කන්ද පල්ලම

මොනව කරන්නද වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නැත කස්ටියම දැන් කට්ට කරුවලේ තල්ලුය


ඒත් කොල්ලොන්ගෙ හිත් පොඩ්ඩක් සෙලවෙලා තිබුනේය.හේතුව වාහනයේ අබලන් කම කොල්ලො ටිකට හොඳට තේරිලා තිබුනේය.වාහනය අබලන් වුනත් අවුලක් නැත අවුල තියෙන්නේ යන්න තියෙන පාරේය. ඇයි හත්තිලව්වෙ පාර අඩි 10ක් විතරය ඒත් පැත්තෙන් තියෙන්නේ තෙරක් නොපෙනෙන පාතාලයකි.වැටුනොත් සොරිම තමාය.අඩුම තරමේ පැය බාගයක් වත් බිමට වැටෙනවාය.අනිත් එක මේ වාහනේ මෙච්චර වෙලාවකට කැඩුනේ නැත්තේ බ්රේක් විතරය.

කොහොම හරි කස්ටිය ආපහු වාහනයට ගොඩ වුනාය.ගොඩ වුනා කිව්වට ඉතින් සැමන් පැක් කරා වගේය.බෝයි තුයි පැස්බරයි දොර ගාව දොර අල්ලගෙන ඉන්නවාය. පිටියා පෙර සේ දණ ගහ ගෙනය.හැබැයි පොඩි වෙනසකි මූ ඉන්නේ වැඳගෙනය. හේතුව ඉතින් ජීවිතාශාවය

දැන් නම් සීන් එක එන්න එන්න දරුණු වෙනවාය.දැන් එනකොට තියෙන්නේ අපි ගියා වගේ පාරක් නෙවේය.සම්පූර්නයෙන්ම වෙනස් පාරකි.හේතුව වැස්ස නිසා මහා පයිනස් ගස් පාරට කඩන් වැටිලාය ලයිට් කණු ඇඹරිලා ගිහිල්ලාය.තා පාරට පසුත් ඇවිල්ලාය.ඩ්‍රයිවර් අයියාද අරින්නේ නැත එහෙන් දායි මෙහෙන් දායි හරියට need for speed most wanted වාගේය.දැන් නම් අපේ ඇඟේ හිරි හිඳිලාය.ගමුවා බෝයි ගේ කනට කර අපි මැරෙයි ද බං අහයි.පිටිපස්සෙ සීට් වල උන් කරණියමෙත්ත සූත්තරේ ඩයිවර් අයියට ඇහෙන්නේ නැති වෙන්න කියනවාය

ඒ මේකෙ ලයිට් 2ක කනාමැදිරියෙක්ගෙ පු.. කඩල ඉස්සරහින් හයි කරල වගේනෙ යකෝ හදිස්සි යෙ මෙක පෙල්ලිලා මැරුණොත් අම්මට මිස් කෝල් එකක් ගහන්න පෝන් එක හොයා ගන්න බැරි වෙනව ගමුවා බෝයි ගේ කනට කොඳුරයි.මූ මඟුලක් කථා කරනවාය

කොහොමෙන් හරි අපේ පෙර වාසනාවකට යන්තං කරදරයක් නැතුව අපි ඔහියට අවේය.ඔතන තමයි නියම කේස් එක උනේ ඩයිවර් අයියා අපි ගාවට ආවේය.

මල්ලි මේ... මේ පැත්තෙ ආපහු ආවොත් මට කෝල් කරන්න මම එන්නං වාහනෙත් අරගෙන

මූ මේ නැවත මඟුලක් කථා කරනවාය ඇයි යකෝ යන්තන් පණ බේරගෙන ආව විතරය.ආපහු අර රෝල කෝස්ටරයේ යන්න කථා කරනවාය බෝයි නම් ආයි මු ඉන්න පැත්තක් බලාගෙන බත් වත් කන්නේ නැත.

වෙලාව 7 ට විතර ඇත ට්‍රේන් ස්ටේෂන් එකේ ගාඩ් මහත්තෙයකුට කථා කරේය.

අයියා ආපහු බදුල්ල පැත්තට කෝච්චියක් තියෙද

කෝච්චියක් නම් තියෙනව 9.30 ට ඒත් අද වැහපු වැස්සත් එක්ක කෝච්චිය ටිකක් පරක්කු වේවි

හත්තිලව්වට ගහපු කලාබරේය...දැන් ඉතින් පැය දෙකක් තැපපන්කො කෝච්චිය එනකන් ඒකත් ඒවිද ෂුවර් නැතිලු දැන්නම් අපේ කකුල් අත පයත් හොඳටම රිදෙනවාය.නිදාගන්න පොල් උලක් දුන්නත් දැන්නම් සපාන් එකේ නින්ද යනවාය.


වැඩේ කියන්නේ මෙතන ඉඳල ටවුමකට යන්න විදියකත් ඇත්තේම නැත.අන්ත් එක මේ ප්‍රශයේ මිනිස්සු නිතර තියෙන හීතල පරීසරය නිසාදෝ තම තමන්ගේ වැඩ කලින් කලින් ඉවර කරගන්නවා විය යුතුය උදේ මිනිස්සු 10 ක් 12ක් හිටපු කඩ පිලවල් හා ඒ අවට පැත්තම මහ මුසල පාටකි බලු බල්ලෙක් පේන්න නැත මෝනවත් යන එන විදියක් හොයා ගන්න මනුස්ස බල්ලෙක් පාර තොටේ නැත ඔන්න ඔය වෙලාවට තමාය අපි ජීවත් වෙන පැති වල වටින කම තේරෙන්නේ

අපේ වාසනාවටද කොහේදෝ හදිස්සියේම ඩීමෝ බට්ටාවෙක් අපි ඉස්සරහින් ගියේය පටියා පැන ගොස් ඩ්‍රයිවර් අයියාට ටෝක් කරේය.අන්තිමේදී මිනිහව කොහොම හරි අපිව හපුතලේ ටවුමට ගෙනිහින් දාන්න කැමති කර ගත්තේය ගාන නම් 2000කි යකෝ මේ වෙලාවට 2000 නෙමේ 50000ක් වුනත් කමක් නැත

අපරාදෙ කියන්න බැරිය ලොරියේ ගමන අර වෑන් එකේ ආවට හපන්ය.කෙල්ලෝ ටික බට්ටාගේ ඇතුලේ හොර හරක් වගේ පටවලාය ඒ මදිවට එකක් යන්න එකක් කඳුය එකාගේ උඩ එකා වැටෙනවාය.තවත් වෙලාවකට පාරේ මහා මාළු බාන්න පුළුවන් වලවල්ය ඒවායේ වැටෙනකොට තවක් ආතල්ය විනාඩි 15 ක් යනකොට කොල්ලො ටික ඉඳිආප්පෙ වගේය.  අතපය පැටලිලා අරුගේ මුගේ ශරීර අයවැයත් මාරුවෙලාය.ඒ මදිවට බෝයි ගේ කකුල් දෙක අස්සේ ගබ්බාට නින්ද ගිහිල්ලාය.ඇයි යකෝ මේ වගේ වෙලාවටත් නින්ද යනවාද? කොහොම උන්ත් පැයක ගමනකින් අපි සෙට් එක හපුතලේය

අපි එලියට බැස්සා නොවේය එලියට පැන්නාය අම්මෝ හොඳ හුලං ටිකක සනීපෙ............
ජොරා නම් නිකං මූණ හතරස් කරගෙන එලියට ආවේය.ෂුවර් එකටම කබරයා විය යුතුය.

අවාසනාවකට සුනංගුවා පටියා වැල්ලා වගේ දෙතුන්  දෙනෙක් එතනදී තම තමන්ගේ පොදු වැඩකටයුත්තකට කියා සෙට් එකෙන් හැලුනේය ඒත් අපි සෙට් එක නම් තාම ගේමේය.

දැන් සෙට් එක හාලිඇල හරහා බදුල්ලට යන බස් රථයක් වෙනුවෙන් රැක උන්නේය.විනාඩි දෙක තුනකින් බස් රාජයා පැමීනියේය.ආයි ඉතින් මෙනවද වෙනදා වාගේම බස් එකේ හැම හිලකින්ම අපි බස් එකට ගොඩ වුනේය.වාඩි වෙන්නත්තැන් තිබුන නිසා දෙයියනේ කියා පු... ට පිංදී අපි වාඩි වුනේය.වැඩේ කියන්නේ විනාඩි 3 න 4ක් යන්න කලින් බෝයිගේ ලයිට් ඕෆ් උනේය(නින්ද ගියා බං).

බැහැපං හු/*-+/-+/*-+ ඌර වගේ නිදාගෙන ඉන්නේ නැතුව මොකෙද්ද බෙරිහන් දෙනවාය. යකෝ බසය දන්නේ නැතුව හාලි ඇලට ඇවිල්ලාය.පැයකුත් ගතවෙලාය ඒත් බෝයිට ඒ ඇහැ පියවෙච්ච පැය හරියට විනාඩි 5ක් වගේය.සෙට් එකම හාලි ඇලින් බැහැගත්තේය.

හිටියනං ටිකක් .....

Share This

Related Posts Plugin for WordPress, Blogger...