Pages

Tuesday, July 24, 2012

විලාපය

විලාපය

‍ගෝල් දේශයට කෑ කෝ පප්පා වාගේ අපේ කැම්පස් එකට නම් ගබ්බාය.ගබ්බා කිවුවේ අපේ කැම්පස් එකේ ඉන්න ගායන තරුවකි(හනේ මගෙ කට). මු ඇවිල්ලා බෝයි ගේ ද හොඳ බොක්කකි.ඒ මදිවවට හොස්ටල් එකේ බෝයි ගේ රූමාය. ගායන අංශයෙන් කෙළ පැමිණි මූ සමඟ එකට රූම් එකේ වාසය කිරීමට බෝයි ඉඳහිට කිරල ඇබ, පොරොප්ප,ක්ලේ ගුලි පාවිච්චි කරන්නේ මූගේ සංගීතයේ මිහිරියාව දරා ගන්නට බැරිම තැනය

එය බෝයිට පමනක් පොදු වූවක් නොවේය.එක සැරයක් මුගේ සංගීතයේ මිහිරෙන් මන්මත් වු මුගේ ගෙදර ළඟ අසල්වැසියෙක්,අසල්වැසියන්ට ප්‍රේම කරමින් මුගේ දත් 2ක් ද ගැල වු බව පොලිස් පොතේ සඳහන් වෙයි.ඒ මදිවට කවීතා ගායන අංශයේ තරඟ වලට සහභාගී වීම නිසා අදටත් ඒ තරඟයේ විනිශ්චය කරුවන් දෙපලක් කෝමා තත්වයේ පසුවන්නේ මුගේ සංගීත හැකියාවට පංසිද්ධ වෙන්නය.

කොහොමෙන් හරි මූ මුගේ කුළුඳුල් දෙවනි ගිතයද ඊයෙ පෙරේදා එලියට දැම්මාය.දෙවනි එකට කලින් පලවෙනි එක ගැන කථා කරන්න ඕනෑ වුනත් බෝයි ඒ ගැන සඳහනක් නැතුවම දෙවනි එක ගැන කථා කරේ පළවෙනි එක ගැන කථා කරන්නට දෙයක් නැති හින්දාය.පළවෙනි සිංදුව එලියට දාපු දවසෙ ම මූ මුගේ ගෙදර slab එක දාපු බව දන්නෝ දනිති.

දැන් මේ දෙවනි සිංදුව හින්දාද බෝයිට ඇත්තේ පුදුම කරදරයකි.ගබ්බා ගේ මල කන්දොස් කිරියාව නිසා බෝයි ගේ ring tone, ringing tone විතරක් නොව sms alert tone එකට දාගෙන ඉන්න වෙලා තියෙන්නේ මේ සිංදුවය.

නමුත් මූ හිත හොඳ කොල්ලාය.අනික බෝයි ද දහම් පාසල් ගිය හොඳ බොදු දරුවෙකි.යුතුකම අකුරටය.බෝයි ගේ බ්ලොගියෙන් පබ්ලිසිටියක් නොදුන්නොත් යාළුකමෙන් වැඩක් නැත.ඔන්න සිංදුව download කරන්න ඕන ලිංකුව බෝයි පහලින් දැම්ම.

ප.ලි.------------- අනේ කොහොම හරි අමාරුවෙන් හරි අහපල්ල.අහන්න අමාරුම තත්වයක් ආවොත් media player එකේ උඩ ඇති රතුපාට කතිරයක් දාපු අයිකොනයක් ආං ඒක ඔබපල්ල





                                              Download Saminga Niraj's Newest song




Share This

Related Posts Plugin for WordPress, Blogger...