Pages

Saturday, August 4, 2012

චෙරි Q Q ( 18+ නෙවේ)

චෙරි Q Q  ( 18+ නෙවේ)

පොඩි එවුන් එහෙම මෙවා කියවල බෝයි ට අහුවුනොත් කන් පලල බණ්ඩක්ක හිටවනව හරි ද...

මෙක ටිකක් පරණ කථාවක් කොල්ලො නම් දන්නවත් ඇති

යට ගිය දවස........ ලංකාවෙ ඩයල් එකක් හා හා පුරා කියල ගත්තලු පොඩි කාර් පොඩ්ඩක්, වර්ගෙ CHERRY QQ හරි ද. ඉතින් පලවෙනියට ම ගත්තු වාහන පොඩ්ඩ නිසා වාහනේට සර්ව ආගමික ආශිර්වාද  ලබාගන්නට ඕන යයි මිනිහ තීරනය කරාලු. ඉතින් පොර ඊ ලඟ දවසෙ උදේ පාන්දරින්ම ගියාලු කෝවිලකට. ගිහිල්ල ඉතින් පලතුරු එහෙම පූජා කරල එකෙ ඉන්න සාමි ට කිව්වලු විස්තරේ.සාමිත් ඉතින් බොහොම සතුටින් ආශිර්වාද කරල වාහනේ ගාවට ඇවිත් වාහනේ බොනට් එක උඩින් ඉරි 3ක් ඇඳල පොට්ටුවකුත් තිබ්බලු ආශිර්වාදෙට.



දැන් ඉතින් වාහනේ ගත්තු එකාට හරි සතුටුයි ලු වැඩේට.ඔහොම ඉතින් මේ ඩයල් එක පන්සලටත් කතෝලික පල්ලියටත් පිලිවලින් ගියාලු ආශිර්වාද ගන්න කියල හිතාගෙන ඒ යන හැම සැරේම ඉතින් පිරිත් පැන් ඉහල,පිරිත් නූල් ගැට ගහල එතකොට කුරුස ඇඳල එහෙම යහමින් ආශිර්වාද හම්බුනාලු.

හවස ගෙදර එන ගමන් අවසානෙට පොර ගියේ මුස්ලිම් පල්ලියකටලු.ඉතින් ඉස්සෙල්ල වගේම ඒකෙ ඉන්න පුජක තුමාටත් මිනිහ විස්තරේ කිව්වලු.පුජක තුමත් ඉතින් සතුටු වෙලා පොඩ්ඩක් ඉන්න මාත්තිය කියල ගියාලු එලියට ටික වෙලාවක් ගියත් පූජක තුමා ආවෙ නැති හින්ද මේ මනුස්සය ගෙදර එන්න එලියට බැස්ස ලු.හැබැයි එලියට බැහැල බලද්දි පුජක තුමා කාර් එක පිටි පස්සෙ නැවීගෙන බර වැඩක්ලු.ටිකක් ලං වෙලා බලද්දි පුජක තුමා highspeed යකඩ කියත් තලයක් අරගෙන කාර් එකේ සයිලන්සර් එකේ අග කපනවලු. දැන් ඩයල් එකට ඌරු ජුවල් ලු වෙච්ච වැ‍ඩේට.ඉතින් මු සැරෙන් වගේ පූජකයගෙන් ඇහුවලු මොකද්ද දෙයියනේ මේ කරපු අපරාදෙ කියල.එතකොට පූජකය කිව්වලු "යෙක අපිට දන්නෙ නෑ අපිල ආසිර්වාද කරන්නෙ මෙහෙම තමා කියල"

ඔන්න දැන් බෝයි උඔලට පොඩි කතන්දරයකුත් කියල දුන්න.හැබැයි දැන් මේ කතාවෙ කාර් එක වෙනුවට කොල්ලෙක් හිටිය නම් උගේ කපන එක උඔල දන්නවනේ.මේක එක කථාවක් වුනාට මේ වගේ කථා ගොඩක් කොල්ලො දන්නව. CHERRY QQ, ඇම්ඩගෙ මුද්දරප්පලම් ඒවගෙන් ප්‍රසිද්ධ ඒව.( ඇම්ඩගෙ මුද්දරප්පලම් අහගන්න ඕන ඈයො ඉන්නව නම් Comment එකක් දාපල්ල)

බෝයිට ද මුස්ලිම් යළුවෝ බොහෝය.ඒත් උන් එක්ක සෙට් වෙච්ච වෙලාවට නැත්තම් joke එකට බැනගන්න වෙලාවට අනිවාර්යෙන්ම ඔයි සිද්ධිය අලලා කෙරෙන පරුෂ වදන් බොහෝය.ඒ වෙලාවට නම් ඌ අපි දිහා බලන්නේ හරියට අපේ අරක මෙව්ව කරල මේක අව්ව කරල බෙල්ල ගලවල අතට ගන්න වගේය.



ඒත් බෝයිට ප්‍රශ්නයකි. ඇයි හත්තිලව්වෙ මේ... සා.. විශාල ශරීරයක් තියාගෙන මුං මේකම කපන්නේ කපහල්ලකෝ වෙන කොහෙං හරි කෑල්ලක්.සුපුරුදු ලෙස බෝයි වැඩයට බැස්සේය.ඒ සිද්ධියේ අතීත වර්ථමාන හා අනාගතය සෙවීමටය.

සුද්ධ සිංහලයේ මේකට  *න කපනව කියල කිව්වට සිංහලෙන් මේකට කියන්නේ සුන්නත් කරනය කියාය.
හැබයි මේක එසේ මෙසේ පරණ සීන් එකක් නොව ඊජිප්තු ශීෂ්ඨාචාරයේද මේක සාධක විදියට දකින්න පුළුවන්ය.

මේ තියෙන්නෙ ඒක කරා කියන විදිය ඒ කාලෙ



තා පොඩ්ඩක් බැලුවම ඒ කාලේ මේක කරා කියන ආයුධ ටිකකුත් හම්බුනා මේ තියෙන්නෙ ඒ ටික.
හැබැයි පුතේ මේකෙන් නං කැපුවම ඌට ඒලෝ ගස්ලබු පේන්න ඇති.







ඒ ඔක්කොමත් හරි දැන් මෙහෙම එකක් කරන්න හේතුවක් තියෙන්නත් එපාය.හොයල බැලුවම අහන්න ලැබුනේ අපේ මුස්ලිම් යාළුවන්ගේ ආගමට අනුව මිනිහෙක් නියපොතු කපල එතකොට කොන්ඩෙ කපල පිරිසුදු වෙනව වගේ සුන්නත් කරනය කියල කියන්නෙත් එක්තරා පිරිසුදු වීමක් කියාය.

ඕක ඇහුව විතරය බෝයි ගේ මනස කසන්නට පටන් ගත්තේය.ඇයි යකෝ ඕක කපල අහවල් පිරිසුදුවක් කරගන්නද තව ටිකක් සර්ච් කීරීය.අන්න එතකොට බෝයිට හම්බුනේ හිතුවේවත් නැති මාතෘකාව කි.
ඒ HIV transmition prevention through circumcision.ඒ කිව්වෙ සුන්නත් කරනය හරහා ඒඩ්ස් රෝගය සම්ප්‍රේශනය පාලනය කිරීමයි.

දැන් බෝයිට සිද්ධ වුනේ වඳින්න ගිය දේවාලේ දී ගොනා ඇන්න වගේ සීන් එකකි.එක ප්‍රශ්නයක් මදිවට තවත් එකකි,හැබයි බෝයි දස්සයාය.උත්තර නම් හොයා ගන්නවාමය.තව ටිකක් සොයා බැලීය.උත්තරය මෙසේය.

සුන්නත් කරනයේදී ඉවත් කරනුයේ පිරිමි ලිංගයේ පෙර සමෙහි කොටසකි.මෙම පෙර සම කොටස සුන්නත් කරනයෙන් ඉවත් කිරීම නිසා ශිෂ්න මුන්ඩය(අනේ අම්මප මටත් මෙව්ව ලියන්න සිද්ධ වුනානේ අකුරු 2කේ වචනයක්  තියාගෙන දිව උලුක්කු කරගන්න හදනව) බාහිරට වැඩි වශයෙන් නිරාවරනය වෙයි.නමුත් සාමාන්‍ය අයකුගේ එසේ නැත.පෙර සම මගින් ශිෂ්න මුන්ඩය හොඳින් ආවරනයව පවතී.මේ ආවරනය පවතින කලාපය තෙතමනය රුදෙන හා වෛරස වර්ධනයට උචිත ස්ථානයකි.ඒඩ්ස් ද වෛරස් ආසාදනයකි.මේ නිසා එම වෛරසය වුවද ආවරණය වූ කලාපයේ හොඳින් වැඩිය හැක.නමුත් සුන්නත් කරනය නිසා මේ අවස්ථාව වැලකී යයි.

ඒ මදිවට මේ සිද්ධිය නිසා ඒඩ්ස් බහුල අප්‍රිකාව වැනි රටවල් සුන්නත් කරනය පරික්ෂනාත්මක හා සායනික මට්ටමින් සාර්ථකව භාවිත කරනවලු.තව යුරෝපා රටවල් වලත් මේ සිද්ධිය නිසා සුන්නත් කරනයට නව ප්‍රවනතාවයක් ඇතිවෙලා තියෙනවලු

යකෝ *න කපන එකට අපි විහිළු කරාට ඒකත් අන්තිමට රාජකීය සීන් එකක් වුනානේ 

දැන් ඉතින් මේ බ්ලොගිය කියවන අපේ ඈයෝ ෂුවර් එකටම බෝයිට කියාවි ඈ බං බෝයියො උඔ මෙච්චර විස්තර හොයාගත්ත එකේ තොගේ එකත් කපා ගං කියල

බෝයි ට කියන්න තියෙන්නේ බෝයි ඒක කලින්ම ප්‍රොපෙශනල් විදියට කරගත්ත බවය

මේ බලපල්ල මේං මේ විදියට


හැබැයි බෙහෙත් විදින්න ගිය දවසෙ එතන හිටියෙ ලස්සන නර්ස් අක්ක කෙනෙකි ඉංජෙක්ශන් 40ක් විතර ගැහුවට පස්සෙ බෝයිගෙන් රිදුනද කියල ඇහුවේය.

ඒක නිකන් අලියට පෑගුනාම ගූ ගියාද ඇහුවා වාගේ ප්‍රශ්නයකි.කෙල්ලෙක්ට නොන්ඩි වීමට නොහැකි නිසා රිදුනෙ නෑ යයි උත්තර දෙනවාත් එක්කම තා ඉංජෙක්ශන් දෙක තුනකින් සංග්‍රහ ලැබුනේය.එතකොට නම් බෝයි හිටියේ මෙහෙමය.




Share This

Related Posts Plugin for WordPress, Blogger...