Pages

Saturday, November 17, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ..6

හෝර්ටන් සෝදාපාළුවෝ..6

කොහොමෙන් හරි අපි දෙයියනේ කියල හෝර්ටන් එන්ටරන්ස් එක කිට්ටුවට ඇවිල්ල තිබුනාය.කට්ටියටම හැක් වුනත් හැමෝම එකට ඉඳල පොටෝ කෑලි 2ක 3ක් ගැහුවේය.



ඔයි අතරේ හෝර්ටන් නාම පුවරුවට බඩගාගන්න බැරුව චා වුන එකෙක්ද හිටියේය නම නම් ජොරාය.සුරතල් නම කිංකොංය.බඩගාල බඩගාල නගින්න බැරි වුනාම පැත්තෙන් අල්ලන් ගේම ගොඩ දාගත්තේය.වෙලාවකට බෝයිට පව් කියලත් හිතෙනවාය මොකද මේ වැඩේම මූට අනාගත යුග ජීවිතයේදී වුනොත් එහෙම මූට පල් ගස්යට දෙයියන්ගේ පිහිටය.







එන්ටරන්ස් එකෙන් ඇතුල් වුනාට පස්සේ නම් ගමන අමාරු නැත.පාර තැන්නක් වගේය.ලංකාව කොච්චර ලස්සන දැයි හිතෙන්නේ මේ වෙලාවටය.එත් හොර්ටන් තැන්න කෞතුකාගාරය බලන්න යන්න නම් මේ කකුල් දෙකට තා දහසකුත් පියවර තියන්න වෙනවාය.ඒ වේදනාව නැතිවන්නේ අපි දැන් අත් විඳින පරිසර චමත්කාරය නිසාම විතරය.(වාක්‍ය රටාව අවුල් වුනාද මන්ද ඒක නිසා අමු සිංහලෙන්ම ලියමු. හිකිස්) ඕකට තමයි කියන්නේ... හොර  කුරැම්බ රහයි කියල.


දැන් ඉතින් කොල්ලන්ගේ සමයං ය අඩියෙන් අඩියට කැලෑවට අඩිය තියන්න එපා කියල  බෝඩ්  පෝස්ටර් කටවුට් බැනර් අත්පත්‍රිකා තිබුනත් අපේ උන් ලස්සන මලක් දැක්ක ගමන් කැලේ පැන පිංතූරු ගහයි


මෙන්න තා කේස් එකකි මඟක් දුර යනකොට මහා වලකි වෙන එකක් නෙවේය මහ ගෝන වලකි ආයි දෙපාරක් නෙහිතුවේය ෆොටෝ කෑලි 7 8ක්ම ම ඇතැරල දැම්මේය.


තා කිලෝ මීටර ගනනාවකින් පස්සේ අපි ලෝකාන්තෙ එන්ටරන්ස් එකට ආවේය.අපි දවල්ට මොනවත් කාල තිබුනේ නැති හින්ද එතන තියෙන කැන්ටිමෙන්ම තියෙන දෙයක් කෑවේය.බෝයි නම් පහලින් ගෙනාපු රොටි 2ක කාල ප්ලේන්ටියක් එතනින් ඉල්ලාගෙන බිව්වේය.ප්ලේන්ටිය නම් අති විශීෂ්ටයිය කහටත් නැත සීනිත් නැත උණුවතුර ටිකද හීතල වෙලාය හැබැයි ගාන නම් 20ය.කඩේ එකාගේ මුළු පරම්පරාවටම පිං දුන්නේය.

දැන් අපි ලෝකාන්තය බලන්න යන්න එලියට බැස්සත් මර මීදුමකින් අපිව වැසී ගියේය.යකෝ කෙලින් බලල බෝයිට උගේ සුලඟිල්ල අල්ලන්න බැරි ගානට මීදුමය.කොයිකටත් කියා කුඩය අතට ගත්තේය.එලියට බැහැල පොලිතින් පරික්ෂාවට පස්සෙ අපි කැලේට ඇතුළු වුනේය.මුලින්ම අපිට බලන්න ලැබුනේ කුඩා ලෝකාන්තයයි.වාසනාවට හැම දෙයක්ද පැහැදිලිව පෙනුනත්.හැම තප්පරයේදීම ඇඟ හිරිවැටෙන පොදක් අපි වටේ තිබුනේය.




ඊ ලඟට  ලෝකාන්තයයි.කුඩා ලෝකාන්තයේ ඉඳල එතනට පොඩි දුරකි.ලොකාන්තය ගාවට ආපු ඇවිත්  ඒකත් ලෙසටම බලා ගත්තු අපි ඉස්සරහට ඇදුනේය.


විශේෂ සිදුවීමක් නොතිබුනත් දැන් දැන් අපි හැමෝගෙම ශරීර වල සාරය අවසාන බව දැනුනේය.ගමන එන්න එන්න අමාරැය තෙරක් නොපෙනෙන එක යායට තියෙන බිම් තීරැවක අපි ඇවිද යනවාය.බේකර්ස් ඇල්ලට කිට්ටු වෙන්න බෝයිගේ පපුවේ ගැස්ම එලියට ඇහෙන මට්ටමේය.අනිත් උන්ගේද එසේමය වෙනසක් නැත.

ඇල්ලට කිට්ටු වෙන්න දකින්න ලැබුනේ තිබුනු හිතේ හයිය චුට්ටද චප්ප කරන සීනරියකි.එක දිගෙට නැගෙන කන්දකි එහි අතෙරක් නැතිව ගස් වල මුල්ය කෙහෙට අඩිය ගහන්න දැයි හිතා ගන්න බැරිය. ඒ මදිවට චිරි චිරි ගාන මඩය.



හති ඇර ඇර ඒ බාධකය ද  පහු කරේය අපි ටික වේලාවක් බේකර්ස් ඇල්ලේ ලස්සන බැලුවේය.


බෝයිට කට්ටියව එතනින් නැගිටවාගෙන ආපහු එන්න ඔන වුනත් ක්‍රියාව ප්‍රායෝගික නැත මොකද මේ වන කොට පටිය මුදිය රුකඩය 3න් දෙනා ඇවිදින්න අමාරු මට්ටමක හිටියේය.ඒක නිසා ගමනේ වේගය හෙමින්ම යන එකාගේ වේගය මත තිරණය කරන්නත් තව පැය 2 1/2 ක් ඇතුලත කොහොම හරි ඔහිය ස්ටේෂන් එකට ගොස්  5.30 බදුලු කෝච්චිය අල්ලා ගැනීමේ බෝයි ගේ ගමන් සැලසුම වෙනස් කොට එන දේක ට මුන දෙන්නට බෝයි හිතා ගත්තේය.

ටිකක් හිටියනං................................

Share This

Related Posts Plugin for WordPress, Blogger...