Pages

Monday, October 29, 2012

අඩුම මිලට ත්‍රි වීල් හයර් එකක් යන්නේ කොහොමද


ආයි බොන්න! බෝයි ඉතින් අතට සම්තින් එකක් හොයාගන්න වීල් දුවල කරපු සන්තෑසිය උඹලට කිව්වනේ..... ඉතින් බෝයි ඇවිල්ලා හිත හොඳ එකා නිසා ඔයාලට වීල් එකකින් අඩු මුදලට හයර් එකක් යන්නේ කොහොමද කියල දෙන්නයි යන්නේ මෙම ක්‍රමයට අමතර වාසි ද සමහර වෙලාවට ඔයාලට හොයා ගන්න පුළුවන්.


කතෘ අයිතිය සුරකින්න ඕන නිසා මේක බෝයි අඳුර ගත්ත ත්‍රී වීල් දුවන ඩයල් එකකට වෙච්ච එකක් කියල කියන්නම්.

කොහොම හරි මේ ඩයල් එක නයිට් ත්‍රී වීල් පාර්ක් එකේ පහු ගිය දවසක ඉඳල තියෙනව.මෙහෙම ඉන්නකොට හොඳට ඇඳ පැලඳ ගත්ත ඩයල් එකක් මිනිහ ලඟට ආවලු

අයියෙ කනංකෙට යන්න කීයක් ගන්නවද

මේ වෙලාවට බස් නම් නෑ නේ මල්ලි 1200ක් වත් ගන්න ඕන

අනේ අයියෙ එහෙම කරන්න එපා

කමන් නෑ 1000 කට යමු 

ඔන්න ඉතින් කොහොම හරි හයර් එක සෙට් වුනාලු හයර් එකට යන්න ආපු ඩයල් එක අතේ තිබුන පොඩි චොක්ලට් බිස්කට් පෙට්ටියත් වීල් එකේ ඇතුලෙන් බිමින් තියල අතේ තිබුන බ්‍රවුන් පේපර් එකකින් ඔතල මෙනවද දාල තිබුන ෂොපින් එකත් සීට් එක උඩින් තියලම වීල් එකෙන් වාඩි උනලු දැන් ඉතින් දෙයියනේ කියල කස්ටිය ගමනෙලු

මල්ලි කොහෙද මේ රූ වෙලා යන්නෙ 

නෑ අයියෙ අක්කලහ ගියා අම්මට දෙන්න කියල බඩු වගයකුත් දුන්න (කියල අර ෂොපින් බෑග් එකත් ඉස්සරහට කරල පෙන්නුවලු)

දැන් ඉතින් සෑහෙන දුරක් ආවට පස්සෙ උළුකඩේ හංදිය හරියේදී

අයියෙ හොව් හොව් අනේ අතේ තිබුන බෑග් එක වැටුන චුට්ටක් ඉන්න ඔහොම



කොල්ලා කෑ ගසන්නේය.අපේ අයියා ඉතින් වීල් එක සුස් ගාල නැවැත්තුවලු කොල්ලත් බැස්ස ගමන් ඔරේ රන් ලු විනාඩියක් විතර බැලුවලු ගියපු පොර තාමත් නැතිලු

යකෝ ඉන්නවා ඉන්නවා මූ තාමත් නැති නිසා වීල් එක ආපහු හරවගෙන ගාල්ල ටවුමට එනකම්ම ආවත් අර ඩයල් එක නම් හොයා ගන්න ලැබුනෙ නැතිලු.කෝකටත් කියල අරූ ත්‍රී වීල් එක ඇතුලේ දාල ගියපු පෙට්ටිය ඇරල බැලුවලු අපරාදෙ කියන්නෙ ගෙයක් හදා ගන්න තරම් කළු ගල් නම් ඒකෙ තිබුනලු

දැන් කට්ටියට තේරුනානේ අඩුවට හයර් යන්නෙ කොහොමද කියල. ඔන්න උඹලට අමතක වෙන නිසා බෝයි බඩු ලයිස්තුව පහලින් දැම්ම හරිය

ෂොපින් බෑග්
බ්‍රවුන් පේපර්
කළු ගල්
පොඩි පෙට්ටියක්

බෝයි ගෙන් තවත් සමාජ සත්කාරයක්.......................................

ප.ලි.-------------------------------------

බෝයි උඩින්ම කිව්වනේ සමහර වෙලාවට මේකෙන් උඹලට අමතර වාසියක් ලබා ගන්න පුළුවන් කියල

ඉතින් මේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,




 ප.ප.ලි --------------------------------------------------------------

මේ......... උඹල නිකන් ත්‍රි වීල් දෙකයි පනහට ගනන් ගන්න එපා හරිය.......... මේව ආවම උඹලට තේරේවි



  



   

Thursday, October 25, 2012

ඇට තුනයි සුද්දියි කලිසමයි

ලබන 29 ය පෝයයි. යකෝ පෝයක් ගෙවිලා............ පෝයක් ලංවෙන ලස්සන, කොහොම කරත් දන්නෙම නැතුව නාකි වෙනවාය.ගිය පෝයට, බෝයි හතර පෝයටම සිල් ගන්නා මනුස්සයා නිසා පංසලට ගියේය.හැබැයි වෙනදා අපි කට්ටිය ගමේ පංසලට ගියත්, වෙනසකට වගේ එදා ගියේ ජපන් සාම චෛත්‍යයටයි. කියන්න අමතක වුනාට ජපන් සාම චෛත්‍ය තියෙන්නේ හැමෝම දන්න රූමස්සල කන්දේය.(අර හනුම උස්සගෙන ආපු හිමාලෙ කෑල්ල).එහේ නිකං පෝය දවසට හරි හරි වැඩ වෙයි ඒක නිසා පෝස්ටුවක් දාන්න හිතුවාය.

අපරාදෙ කියන්නේ එහේ ගියාම නිකං බාගෙට ජපන් ගියා වගේය.මොකද එතන පෝය දවසට රන් වෙන්නේ අමුතුම සිස්ටම් එකකි. අනේ ඉතිං බෝයි බුද්ධාලම්බන පිරීතියෙන් තෙල් මල් කාරිය අරගෙන පංසලට ආවේය.ඇස් ඉස්සරහ තියෙන්නේ වේදිකාවක හැදුන ලස්සන චෛත්‍ය රාජයාය




දෙයියනේ කියලා උඩට නැග්ගේය මුහුදේ ඈත කොනක හැංගිලා තියෙන හිතල හුලං රුල්ලක් බෝයි ගේ ඇඟෙ හැප්පුනේය. වැඩි සද්ද බද්දයක් නැති වුනත් එක දිගටම ඝණ්ඨාරය වදිනවාය.මොනතරම් හිත නිවන සිද්ධීයද්ද කිව්වෝත් මෙතන තනි කකුලෙන් හිටගෙන රහත් වෙන්න වුනත් පුළුවන්ය.

ෂේප් එකේ අයිනකින් වාඩි වුනාය.දෑත නලලේ තබාගත්තාය.නිදහසේ ඇස් දෙක පියා ගත්තාය

නමෝ තස්ස භග............................

හංචි කුචි හංචි පුචියා.......

යකෝ යන්තං නිදහසේ බුදුන් වඳන්න කියලා ඇස් දෙක පියා ගත්තා විතරය, මෙලෝ යකෙකුට තේරෙන්නේ නැති බාසාවකින් කව්ද එකෙක් මැරෙන්න හදනවාය.මේ වෙලාවට නම් මල පනින්නේ ආ...යි මල් බෝකේ පිටිනි.

ආපහු හිත හදාගෙන වඳින්න පටන් ගත්තාය.

හති කුති හති මස්..............

ආපහු කං කරච්චලේය. වහපු ඇස් 2ක ඇරියේය.බෝයි තමාගේ රබර් ඇස වටේට කැරකුවේය.අම්මට සිරි සුරතල් කෑලි දෙකක් මොකද්දෝ බාසාවකින් හුරතල් වෙනවාය.

ෂුවර් එකටම කොරියන් හෝ ජපන් කෑල්ලක් විය යුතුය.අනේ මේ දෙකේ දැඟලිල්ලට මෙතන බුදුන් වඳින්න නම් කන් දෙකේ ඇබ 2ක් ගහගෙන ඇහැට පොරොප්ප 2ක් ගහගන්න ඕනෑය 

අයියෝ යන්තං කාමේසු මිච්ඡාචාරා කිව්වා විතරය සිල් කුඩේ කුඩුය මේ...................

කොහොම හරි ඉතින් යන්තං පංසිල් පද 5න් ෂේප් වුනේය.අම්ම තාම වඳින හින්ද කෑල්ලෙ සිරියයි මුහුදේ අසිරියයි බල බල බෝයි උන්නාය ඊ ළඟට තව කෙහෙල්මලක්ය

අපි තාම ඉන්නේ බොහෝම පිටිපස්සෙන් බව බෝයි දන්නවාය.ඇරත් කොරියාව ජපන් වගේ රටවල් විලාසිතා වල අග නගරයන් තියෙන රටවල් බවද බොයි දන්නවාය ඒත් එහෙමෙයි කියල මේ වගේ විලි ලැජ්ජාවක්....................බෝයිට සිය වස්ත්‍රය ගලවල දෙන්න හිතුනේය අපේ උන් නම් තා අවුරැද්දක් විතර  යන කොට පාරෙ මේක ඇඳන් යාවිය හා එහෙනන් ඉගන ගනිල්ලා මේං බෝයිගෙන් නවතම විලාසිතා.........

කොහොමද මරු නේහ්

මේ විගඩං බැලිල්ල ඉවර කරපු බෝයි බුදු ගෙට ගියේය.එතනට ගියාම පීස්සු බම්ප් වෙනවාය.අපරාදෙ කියන්නෙ එතන එකම අඩුපාඩුව කට තිබුනේ බුද්ධ ප්‍රතිමාවක් නැති කමය.බුද්ධ ප්‍රතිමාව තියෙන තැන හෙන මකර තොරනකි තැනින් තැන ලාෆින් බුද්ධාලා නම් ඉන්නවාය

අනේ එකටත් ඉතින් බුදුන් කියල හිතාගෙන  වැන්දාය

බොලෙ හිටි හැටියේ කන පැලෙන්න  බෙරයක් ගහනවාය

ඩුම් ඩුම් ඩුම් ඩුම්      නමු ම්‍යෝ හෝ රෙන් ගේ ක්‍යෝ

සීන් එක නිකං ෂැවොලිං ටෙම්පල් එකේ වගේය වයසක අංකල් කෙනෙක් සැරින් සැරේ අර මන්තරේ කියව කියව බෙරයකට තලනවාය.

හෑ මේකත් මරු වැඩේ හින්දා දෙයියෙනේ කියල පොඩ්ඩක් ලඟට ගියා විතරය අංකල් බෝයිට වහාම ඇට තුනක් දුන්නාය.බොලේ මේ මොනවද මේ.... හුනු බිත්තර වලට වඩා ටිකක් ලොකු ලොකු ලොසින්ජර 3කි

අංකල් මේ මේ මොකටෙයි මේව දෙන්නෙ අනිත් එක ඇයි ඔයා ඔයි බෙර ගහන්නෙ

මේකෙන් මිනිස්සු වඳින වෙලාවට මිනිස්සුන්ගේ හිත වෙන දිහාවලට ඇදිල යන්නෙ නෑ ඒක නිසා තමා මේ මේක වාදනය කරන්නෙ  ලොසින්ජර නම් එන කට්ටියට නිකං මෙතනින් දෙනව

අවුලක් නැත අපිට නිකං දෙනවනං දෙමල පත්තර හරි කමක් නැත.කොහොමෙන් හරි හවස්වෙන නිසා මොලේ කොලොප්පං වෙන වැඳුමක් වැඳපු බෝයි අතුරු ආන්තරාවක් නැතුව ගෙදර ආවේය  

කොහොමද පංසල් යාම නේහ්...........................

Monday, October 15, 2012

කෑල්ලෙන් කෑල්ල

කෑල්ලෙන් කෑල්ල




ගල් පැලෙන ඇත්ත කිව්වට පස්සේ ඉතින් බෝයි ඇහැට දැක්කට පස්සේ මේක ඇත්තක්ද කියල හිතන්න බැරි තරමේ දෙයක් ගෙනාව. ඇත්තටම මේක බෝයි ට ආපු ඊ යකින් දැකපු දෙයක්.බලල නිකන් ඉන්නවට වැඩිය මේක තා කෙනෙක් දැක්කොත් වටිනව කියල හිතුන නිසා පෝස්ට් එකක් දැම්ම.සමහර විට මේක හිතල හදපු එකා මේ වෙනකොට මානසික රෝහලේද දන්නේ නෑ.හී .ඩවුන් කරගෙන බලපල්ලා........

මේකෙ විශේෂත්වෙ මේ හැම දේම ඇත්තක් ලු සහ YEAR BEST ADVERTISEMENT එකත් මේකලු තව මේක හරියට ගන්න ඩොලර් මිලියන 6.2 වියදම් කරල 606 වාරයක් රූගත කරාලු

                                                                             බලන්නෝ........


Share This

Related Posts Plugin for WordPress, Blogger...