Pages

Monday, November 12, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ 1

හෝර්ටන් සෝදාපාළුවෝ..
                                                                                                                                                        
කියන්න යන්නේ බෝයි තුයි උගේ සහචර රුලයි ගියපු පොඩි රෝන්දයක් ගැනය.දැන් හැම එකාම උගේ බ්ලොග් එකේ උන් ගියපු තැන් වල විස්තර ලියනවාය.බෝයිට ද එහෙම පෝස්ටුවක් ලියන්නට හිතුනේය.ඉතින් කල්පනා කරේය, බෝයිතුයි කැම්පස් එකේ යාළුවො සෙට් එකයි හෝර්ටන් ගියපු ගමන කවදාවත් අමතක වෙන්නේ නෑය එක නිසා ඒක ගැන ලියනවා යයි හිතුවේය.

ඉතින් පලවෙනියට ෆොටෝ ගැලරිය Open කරේය.බුදු අම්මේ මේකෙ ෆොටෝ 1200ක් විතර තියෙනවාය මේ එකින් එක ගැන විස්තර කරන්න ගියෝතින් මේක publish කරන්න වෙන්නේ බෝයිගේ මලගම දවසේය.ඒක නිසා ආස පින්තුර ටිකක් තෝරාගෙන කථාව ලියන්නේය.

මේ ටික මම මුලින්ම කිව්වේ පෝස්ට් එක දිග වැඩි වුනාම අපේ අම්මට හචිං යන්න ඉඩ තියෙන නිසාය.ඒක නිසා හදිස්සි කාරයො ඉන්නව නම් දැම්ම කියවන එක නතර කරපල්ලා.....මම කලින් ම කිව්ව ඔන්න පෝස්ට් එක දිගයි............

 කොහොම හරි ඒ දවස් වෙනකොට කොල්ලෝ ටික සෑහෙන්න කාලෙකින් සෙට් වෙලා කොහේවත් ගියේ නැත ඒක නිසා බෝයි අතුළු කීප දෙනෙක් සෙට් එක වෙත කොහේ හරි යන අදහස දැම්මේය.අනේ බෝයිටද සිද්ධ වුනේ වඳින්න ගිය දේවාලේදී ගොනා ඇන්න වගේ සීන් එකකි.කස්ටියම එකතු වෙලා ට්‍රිප් එකේ සංවිධායක තනතුරු පොජ්ජ බෝයිට මන්දො කරේය.

හරි ඒකත් එහෙම වුනයි කියමුකො.ඊ ළඟට බොහොම තීරනාත්මක වට මේස සාකච්චා 5හ 6කට පසු යන තැන හා දිනය තීරනය වුනේය.




දැන් ඉතින් යන්න තීරණය වුනේ හෝර්ටන් තැන්නේය.

 දිනය  2012.07.06 ය.අපි හිතන් උන්නේ කොළඔ කොටුවෙන් රෑ 08 00 යන නයිට් මේල් බදුලු කෝච්චිය අල්ලා ගන්නය.ඉතින් කස්ටිය හොස්ටල් වලින් හවස 5 වෙනකොට එලියට බැස්සේය.




කරුමයකි තාම අනිත් හොස්ටල් එකේ ඉඳල එන කොල්ලෝ ටික නෑ ය.ඉතින් අත ඇරල බෑනේ උන්ගේ මව් ගුණ පිය ගුණ සහ විවිධ ගුණ ගායනා කරේය.

අන්තිමට යන්තන් කොල්ලෝ ටික සෙට් වුනේය.මුලින් ම අපි ගම්පහ කෝච්චි ස්ටේශන් එකට සංප්‍රාප්ත වුනේය.කෝච්චියකට ගොඩ වී කොටුවෙන් බැහැගත්තේය.රූකඩයා කට්ටා වගේ තව එවුන් දෙතුන් දෙනෙක්ම කොටුවේදී අපිට සෙට් වුනේය.

කොහොම හරි 7.45ට විතර බදුලු කෝච්චිය 3 වෙනි Platform එකට සැපත් වුනේය.ඇතුල් වෙන්න පුළුවන් හැම හිලකින්ම අපි කෝච්චියට ඇතුල් වුනේය.කොහොම හරි හැමෝටම වාඩිවෙන්න ලැබුනේය ඒත් ඉතින් එකම තැන නම් නෙවේය.

ඒකෙන් අපේ ආතල් එක පජාත වෙලා තිබුනේය.ඒත් අපේ බැජ් එකේ සම්පත ඒ වෙලාවේ අපේ පිහිටට ආවේය.උගේ කාඩ් එක නම් හේරාය.මුගේ හඬට මුලු බැජ් එකම බයය.ඒ වෙන එකක් නිසා නෙවේය මූ කියන ඒවා අපට තේරෙන්නේ නැති නිසාය තේරුනත් තේරිලා තියෙන්නේ රුහිතෙටය.මූට නොහැක්කක් නොමැත වගේම "ද" යන්නක් ද නැත(දැන් උඔලගේ මූනු ඇද වෙලා ඇති මේ මොන ල... ද කිව්වෙ කියල පොඩ්ඩක් හිටහං)
උදා -
                  අපි  -  ඔයා බත් කෑවද?
                            මම බත් කෑව
                  හේරා - ඔයා බත් කෑව ?
                               මම බත් කෑව    (දැන් තේරුණානේ )



කොහොමෙන් හරි මූ වැඩට බැස්සේය.අපේ ෂීට් ගාව වාඩි වෙලා ඉන්න උන්ට කතා කරයි උන්ගෙන් ෂීට් මාරු කරගන්න කැමතිද අහයි.ඌ කැමති උනත් නැතත් ඌව මාරු කරවයි.අනේ ඉතින් උනුත් කියන එක තේරෙන්නෙ නැති හින්ද බයටම මාරු වෙයි.

ටික වේලාවකින් අපේ සෙට් එක හේරා ට පිං සිද්ද වෙන්න එකම තැනය.


රරරටරටරරර


ඔන්න දැන් තමයිය කොල්ලන්ගෙ කටවල් ඇරෙන්නේ විනාඩි 10 ක්15 ක් යනකොට කෝච්චියේ සද්දෙ ඇහෙන්නෙත් ලාවටය.

හිටපල්ල ඉතුරැ ටිකත් කියන කං



Share This

Related Posts Plugin for WordPress, Blogger...