ගල් පැලෙන ඇත්ත
ඉතින් අනේ කස්ටියටම ජයවේවා සැරදේවා පැරදේවා.අද කතාකරන්නේ කවුරුත් දන්න මාතෘකාවක් ගැන.වැඩේ ගැන සරල සිංහලෙන්ම කථා කරනවනම්.අද මාතෘකාව බොරුව.ඕනම ආගමකට අනුව බොරුව කියන්නෙ බෙල්ල මුලින් ගහල යන කේස් එකක් ඒත් ඕකෙ අනිත් පැත්තකුත් තියෙනව.ආගම් දර්ශනයේදි නම් බොරුව කියන්නේ පවක් උනාට අද සමාජය ගැන බලද්දි බෝයි හිතන විදියට නම් මිනිස්සුන්ගේ අරක්ෂාවට නැත්තම් පැවැත්මට අපේ පංචේන්ද්රිය වැදගත් වෙනව වගේම බොරුවත් හුඟක් වැදගත් වෙන මට්ටමකටම ඇවිල්ල.මොකද කිව්වොත් අද සමාජයේ සමහර කොටසකගෙ ජීවන වෘත්තියත් බොරු කියන එකයි. ඔයි බොරුව ජීවන වෘත්තිය කරගත්ත කොටස් අතරින් බොහොම ඉදිරියෙන් ඉන්න පිරිසක් තමයි හිඟන්නො කියන්නෙ (වෙළෙන්දොත් දෙවෙනි වෙන්නෙ නැ ඈ...)
අද කියන සිද්ධිය බෝයි බලාගෙන ඉඳපු දෙයක් ගැනයි.බෝයි පහුගිය සතියක සිකුරාදා දිනයක ගෙදර එන්න මහනුවර කොළඔ බසයකට ගොඩ වුනේය.වාඩිවෙන්න සීට් තිබුන නිසා බෝයි පිටිපස්සෙ දොර ගාවට ලඟ සීට් එකක අයිනෙන් වාඩි වුනේය පෑලියගොඩ හරියේදී කෙට්ටු ඩයල් එකක් බසයට ගොඩ වුනාය.පොර නිකන් නැට්ට ගිනිගත්ත හනුම වගේය.කඩාගෙන බිඳගෙන බස් එකේ ඉස්සරහට ගියේය.පත්තර කෑලි කතුරු වගේ ආම්පන්න රාශියක් ගත්තේය.දැන් මොනවදෝ
හෑල්ලක් කියනවාය.බෝයි හෙඩ් සෙට් එක කනේ ගහගෙන හිටපු නිසා කියපු හෑල්ල නම් ඇහුනේ නැත.එත් එක පාරටම ඩයල් එක පත්තර මිටියක් අරගෙන අරහෙට මෙහෙට කපල අති රමණීය මරණීය මලක් හැදුවේය.අත්තටම ඒ හදපු පත්තර මල අති අලංකෘතය.ආපහු පොර මොකද්ද සූත්තරයක් දාල පොල් අත්තක් හැදුවේය.ඒකද ලෙසටම හැඩය.ඔයි විදියට පොර නෙළුම් මල් අරව මෙව්ව තා ගොඩක් ජාති හැදුවේය.වැඩේ ලස්සන නිසා මිනිහ බහිනකොට බස් එකේ ඉඳපු හැම මනුස්සයෙක්ම වගේ රු20- 30 වගේ මිනිහට දුන්නාය.සමහරු 50ත් දුන්නාය.(බෝයිත් 20ක් දුන්න හොඳේ)
මේ වගේ
තා ටික වෙලාවක් ගියේය තවත් ඩයල් එකක් බසයට නැග්ගේය ඒ පොඩි ගෑණු දරුවෙක් ද වඩා ගෙනය පොර ද අති හදිස්සියෙන් ඩ්රයිවින් සීට් එක ගාවට ගියාය.ගිහින් පොඩි විස්තරයක් කියනවාය.මිනිහා උදෙන්ම මොකද්ද වැඩකට කැළණීයට ආවලු.පර්ස් එක හොරු ගත්තලු දැන් ගෙදර යන්න ඕනලු.මිනිහත් එක්ක වයිපරේ මේ ගමන ආවත් එයා බස් වලට නගින්න කැමති නැතිලු ඒක නිසා මට ගෙදර යන්න ඔය ගොල්ලො උදව් කරන්නලු.බෝයි නම් සතයක් දුන්නේ නැත.ඒත් හරි පුදුමයකි බස් එකේ ඉඳපු මිනිස්සුන්ගෙන් ලැබුනු ගානට මිනිහට අමාරුවක් නැතුව ඉන්දියාවටත් යන්න පුළුවන්ය.ඒ තියා මෙච්චර වෙලා නැගපු කිසි එකෙකුට සතයක් වත් නොදුන්න මගේ එහා පැත්තෙ ඉඳපු කෙල්ලද රු30ක්ම දුන්නාය.හැබැයි වෙච්ච වැඩේට නම් බෝයිට පුදුමය,හිනාය ඒත් පොඩි දුකක්ද නැතුවාම නොවේය.
මේ දිනයට කලින් සතියේ බෝයි ගෙදර යන්න මරදානට ගියේ සාගරිකා කොච්චිය අල්ල ගන්නය.එදා මරදාන ගුවන් පාලම උඩදී ඩයල් එකක් එක පාර බෝයි ගේ අතින් ඇල්ලුවේය.හොඳට ඇඳ පැලඳ ගත්තු පොරක්ය අනේ මල්ලි වැඩකට කොළඔ ආව ටොයිලට් එකට ගියා මල්ලි අපේ බෑග් උස්සල ඒකෙ තමයි සල්ලි තිබ්බෙ මටයි මේ දරුවටයි නෝනටයි ගෙදර යන්න විදියක් නෑ වැඩි ගානක් නෙවෙයි.අතේ තියෙනවනම් රු80ක් දීල පලයන්කො කියල කිව්වේය.
සල්ලි දීම කෙසේ වෙතත් බෝයි හොඳට මනුස්සයා දිහා බැලුවේය බැලු බැල්මට නම් හිඟන්නෙක් වත් මංකොල්ල කාරයෙක්වත් වෙන්න බැරිය.හොඳට ඇඳල දුඹුරු පාට සපත්තු 2ක දාල හොඳ පිලිවලට හිටියාය.ඒත් හත්තිලව්වෙ මේ ගමන් යනකොට සල්ලි බැග් වල දානවද.ඊට පස්සෙ සල්ලි බෑග් වල දාල බෑග් දාල යන සිරිතක් තියෙද.ඒ ඇරත් ගෑණියි මිනිහයි 2න්නටම අහවල් වැඩේ එක පාර කරන්න ඕනද.බොයි ට හිතට අප්සෙට් නිසා සල්ලි නෑ කියල ආවේය.
අද ද මේ බස් එකට නැගපු එකා ගැන බෝයිගේ විමසුම් ඇහැ යොමු උනේය.ඩයල් එක දිහා හොඳට බලද්දී, අර එදා පාලම උඩ ඩයල් එක දාගෙන ඉඳපු දූඹුරු පාට සපත්තු 2ක බෝයිට පෙනෙන්න වුනාය.මූණ දිහා බැලුවේය එක පාර අඳුර ගන්න බැරි උනත් ටික වෙලාවකින් මූණ ද same බව බෝයි ට පෙනුනේය.හැබැයි වැඩේ කියන්නේ ඒදා ඌ වඩාගෙන හිටියේ පිරිමි දරුවෙක්ය
එහෙනම් අළුත්ම මංකොල්ල කන ස්ටයිල් එක මේකය.ලේසිය පහසුය.ප්රතිඵල අති සාර්ථකය.ඒත් මීට කලින් නම් තිබුනේ මීට වඩා වෙනස්ම එකකි.ඒ එක පාරටම කිළුටු ඇඳුම් ඇඳගත්තු ඩයල් එකක් හිටි හැටියේම බස් එකට නගියි ඉන් පස්සේ මම මේ හිර ගෙදරින් නිදහස් වෙලා එන ගමන් අනේ මාස 6කට පස්සේ තමයි මම මේ තාර පාර පාගන්නෙ.මම හිරේ ගියේ මිනී මරල මංකොල්ල කාල නෙවෙයි පොලිසියේ මහත්තයෙක් එක්ක කට ගහගෙන ගියා කියල ගංජ පැකට් එකක් මගේ සාක්කුවට දාල තමයි මාව හිරේ යැව්වේ අද මම ගෙදර යන දවස මට ගෙදට යන්න සල්ලි නෑ තියෙනව නම් මට කීයක් හරි දෙන්න මම බොරුවක් නම් කියන්නෙ බලන්න මගේ අත් 2ක දිහා කියල කළු වුන අත් 2ක පෙන්නනවාය.මේ බොරුව කියන ඩයල් 3ක් කොළඔ හිටියාය.හැබැයි ඒ බොහොමයක් කුඩු බොන මිනිස්සුය.
ඔයිටත් කලින් තිබුන එක ඊට හාත් පසින්ම වෙනස්ය.ඒ පොරක් බස් එකට නගියි.මිනිහට හොඳට සිංදු කියන්න පුළුවන් කියයි(හැබැයි සිංදු කෑල්ලක්වත් කියන්නේ නැත) ඊට පස්සේ මිනිහට සීඩී
එකක් කරන්න උවමනා බව කියයි ඒත් දුප්පත් නිසා ඒක කරගන්න බෑ කියයි.ඒක නිසා මේ ස්ටිකරය අරගෙන පොඩි සහයෝගයක් දෙන්න කියයි.ඊට පස්සේ 100 ක ස්ටිකරයක් විකුණයි
කාලෙන් කාලෙට එක එක බොරුය ඒත් අහුවෙන්නෙ හිත හොඳ අපේ මිනිස්සුය.ඔයි අතරේ ඇත්තටම අසරණ මිනිස්සු නැතුවා නොවේය.
පලවෙනි සිද්ධියේදී නම් පැයකට රු60 දරුවන් දෙන තැන් ගැනද බෝයි අහල තියෙනවාය ඒක නිසා පිරිමි දරුවා ගෑණු දරුවෙකු වීම ගැනනම් එච්චර හිතන්න දෙයක් නැත.ඉස්සෙල්ල බෝයි පුදුම වුනා යයි කිව්වේ මේ වගේ දෙවල් වෙනවා යයි කියල එදා බෝයි ආපු බස් එකේ මිනිස්සු නෙදැන ඉඳීමය දැනගෙන හිටිය නම් අරහෙම සල්ලි දෙන්නේ නැත.
බෝයි නම් අහල තියෙන විදියට හිඟන්නෙකුට රුපියක් දෙන එක ඒ මනුස්සයාට හිඟන ජීවිතයේ රහ කියා දෙනවා විනා උදව්වක් නොවේය.මොකද පොලියට සල්ලි දෙන, තා මීට අවුරුදු 10කට 15 කට කලින් තමන් නිදා ගන්න තැන රු18000 ක් වලලාගෙන මැරුණට පස්සේ ඒ සල්ලි පොලිසියට අහුවුන අවස්ථා බෝයි අහල තියෙනවාය.
ඉතින් බෝයි මේ පෝස්ටුව ලිව්වේ එහෙම නෙදැනුවත් කමින් මිනිස්සුන්ගේ බොරු වලට අහුවෙන හිත හොඳ එදා බස් එකේ ඉඳපු අපේ මිනිස්සු වෙනුවෙනුයි උඔල එහෙම අහුවෙනව නෙමෙයි හරිද......
ඔව් බන් අද ගොඩක් හිගන්නෝ හිඟා කන්නේ කන්න බොන්න නෙවේ රැකියාව වශයෙන්.රාගම මේ ලඟදි වයසක හිගන්නෙක් මැරිලා හිටියා පොලිසියෙන් එයාගේ මල්ල බලද්දී ලක්ෂ 1මාරක් දාහය විස්සේ කොළවලින් පිරිලා.අපිත් වැඩේට බහිමුද?
ReplyDeleteඔය වගේ කතාවක් එක මනුස්සයෙක් මටත් කිව්වා.. හැබැයි ඒ කලුතරදි... හොරෙක් වෙන්නත් බැරි නෑ... හොඳට ඇඳ පැළඳගත්ත මනුස්සයෙක්.... ඒත් ඉතින් මිනිහෙක් අමාරුවක් වුණාම මිනිහෙක්ගෙන්ම ඕනනේ උදව්වක් ඉල්ලන්න... නැතුව බල්ලෙක්ගෙන් පූසෙක්ගෙන් ඉල්ලන්නයැ... එහෙම හිතලා මිනිහට මං කිව්වා යමං එහෙනං ටිකට් එක අරන් දෙන්න කියලා... ඊට පස්සේ මං බලාගෙන ඉද්දිම මිනිහා බස් එකේ නම් ගියා... ඊළඟ හෝල්ට් එකෙන් බැස්සද දන්නෑ හැබැයි...
ReplyDeleteඅපෝ ඔව්වා ගැන නම් කතා කරලා වැඩක් නෑ බෝයි.මං පොස්ට් එකකුත් ලිව්වා මරදානේ හිගන්නෝ ගැන.තව ඔය වගේ සල්ලි කඩා ගත්ත සින් එකක් තියෙනවා එක පොස්ට් එකකින්ම දාන්නම්.මාත් බස් එකට නගින හැම එකාටම දෙන්න යන්නේ නෑ,එහෙම දෙන්න අපි සල්ලිකාරයොත් නෙමේ නේ :)
ReplyDelete