Pages

Saturday, November 17, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ..6

හෝර්ටන් සෝදාපාළුවෝ..6

කොහොමෙන් හරි අපි දෙයියනේ කියල හෝර්ටන් එන්ටරන්ස් එක කිට්ටුවට ඇවිල්ල තිබුනාය.කට්ටියටම හැක් වුනත් හැමෝම එකට ඉඳල පොටෝ කෑලි 2ක 3ක් ගැහුවේය.



ඔයි අතරේ හෝර්ටන් නාම පුවරුවට බඩගාගන්න බැරුව චා වුන එකෙක්ද හිටියේය නම නම් ජොරාය.සුරතල් නම කිංකොංය.බඩගාල බඩගාල නගින්න බැරි වුනාම පැත්තෙන් අල්ලන් ගේම ගොඩ දාගත්තේය.වෙලාවකට බෝයිට පව් කියලත් හිතෙනවාය මොකද මේ වැඩේම මූට අනාගත යුග ජීවිතයේදී වුනොත් එහෙම මූට පල් ගස්යට දෙයියන්ගේ පිහිටය.







එන්ටරන්ස් එකෙන් ඇතුල් වුනාට පස්සේ නම් ගමන අමාරු නැත.පාර තැන්නක් වගේය.ලංකාව කොච්චර ලස්සන දැයි හිතෙන්නේ මේ වෙලාවටය.එත් හොර්ටන් තැන්න කෞතුකාගාරය බලන්න යන්න නම් මේ කකුල් දෙකට තා දහසකුත් පියවර තියන්න වෙනවාය.ඒ වේදනාව නැතිවන්නේ අපි දැන් අත් විඳින පරිසර චමත්කාරය නිසාම විතරය.(වාක්‍ය රටාව අවුල් වුනාද මන්ද ඒක නිසා අමු සිංහලෙන්ම ලියමු. හිකිස්) ඕකට තමයි කියන්නේ... හොර  කුරැම්බ රහයි කියල.


දැන් ඉතින් කොල්ලන්ගේ සමයං ය අඩියෙන් අඩියට කැලෑවට අඩිය තියන්න එපා කියල  බෝඩ්  පෝස්ටර් කටවුට් බැනර් අත්පත්‍රිකා තිබුනත් අපේ උන් ලස්සන මලක් දැක්ක ගමන් කැලේ පැන පිංතූරු ගහයි


මෙන්න තා කේස් එකකි මඟක් දුර යනකොට මහා වලකි වෙන එකක් නෙවේය මහ ගෝන වලකි ආයි දෙපාරක් නෙහිතුවේය ෆොටෝ කෑලි 7 8ක්ම ම ඇතැරල දැම්මේය.


තා කිලෝ මීටර ගනනාවකින් පස්සේ අපි ලෝකාන්තෙ එන්ටරන්ස් එකට ආවේය.අපි දවල්ට මොනවත් කාල තිබුනේ නැති හින්ද එතන තියෙන කැන්ටිමෙන්ම තියෙන දෙයක් කෑවේය.බෝයි නම් පහලින් ගෙනාපු රොටි 2ක කාල ප්ලේන්ටියක් එතනින් ඉල්ලාගෙන බිව්වේය.ප්ලේන්ටිය නම් අති විශීෂ්ටයිය කහටත් නැත සීනිත් නැත උණුවතුර ටිකද හීතල වෙලාය හැබැයි ගාන නම් 20ය.කඩේ එකාගේ මුළු පරම්පරාවටම පිං දුන්නේය.

දැන් අපි ලෝකාන්තය බලන්න යන්න එලියට බැස්සත් මර මීදුමකින් අපිව වැසී ගියේය.යකෝ කෙලින් බලල බෝයිට උගේ සුලඟිල්ල අල්ලන්න බැරි ගානට මීදුමය.කොයිකටත් කියා කුඩය අතට ගත්තේය.එලියට බැහැල පොලිතින් පරික්ෂාවට පස්සෙ අපි කැලේට ඇතුළු වුනේය.මුලින්ම අපිට බලන්න ලැබුනේ කුඩා ලෝකාන්තයයි.වාසනාවට හැම දෙයක්ද පැහැදිලිව පෙනුනත්.හැම තප්පරයේදීම ඇඟ හිරිවැටෙන පොදක් අපි වටේ තිබුනේය.




ඊ ලඟට  ලෝකාන්තයයි.කුඩා ලෝකාන්තයේ ඉඳල එතනට පොඩි දුරකි.ලොකාන්තය ගාවට ආපු ඇවිත්  ඒකත් ලෙසටම බලා ගත්තු අපි ඉස්සරහට ඇදුනේය.


විශේෂ සිදුවීමක් නොතිබුනත් දැන් දැන් අපි හැමෝගෙම ශරීර වල සාරය අවසාන බව දැනුනේය.ගමන එන්න එන්න අමාරැය තෙරක් නොපෙනෙන එක යායට තියෙන බිම් තීරැවක අපි ඇවිද යනවාය.බේකර්ස් ඇල්ලට කිට්ටු වෙන්න බෝයිගේ පපුවේ ගැස්ම එලියට ඇහෙන මට්ටමේය.අනිත් උන්ගේද එසේමය වෙනසක් නැත.

ඇල්ලට කිට්ටු වෙන්න දකින්න ලැබුනේ තිබුනු හිතේ හයිය චුට්ටද චප්ප කරන සීනරියකි.එක දිගෙට නැගෙන කන්දකි එහි අතෙරක් නැතිව ගස් වල මුල්ය කෙහෙට අඩිය ගහන්න දැයි හිතා ගන්න බැරිය. ඒ මදිවට චිරි චිරි ගාන මඩය.



හති ඇර ඇර ඒ බාධකය ද  පහු කරේය අපි ටික වේලාවක් බේකර්ස් ඇල්ලේ ලස්සන බැලුවේය.


බෝයිට කට්ටියව එතනින් නැගිටවාගෙන ආපහු එන්න ඔන වුනත් ක්‍රියාව ප්‍රායෝගික නැත මොකද මේ වන කොට පටිය මුදිය රුකඩය 3න් දෙනා ඇවිදින්න අමාරු මට්ටමක හිටියේය.ඒක නිසා ගමනේ වේගය හෙමින්ම යන එකාගේ වේගය මත තිරණය කරන්නත් තව පැය 2 1/2 ක් ඇතුලත කොහොම හරි ඔහිය ස්ටේෂන් එකට ගොස්  5.30 බදුලු කෝච්චිය අල්ලා ගැනීමේ බෝයි ගේ ගමන් සැලසුම වෙනස් කොට එන දේක ට මුන දෙන්නට බෝයි හිතා ගත්තේය.

ටිකක් හිටියනං................................

Friday, November 16, 2012

හෝර්ටන් සෝදාපාළුවෝ..5

හෝර්ටන් සෝදාපාළුවෝ..5

අපි ටිකක් වෙලා ඉන්න හැදුවට කොහේ ඉන්නද ඉස්සරහින් ගිය ඈයෝ හූ කියනවාය ඒ අපිට එන්න කියාය.කවුරුත් නැති මේ කැලෑ පාරේ හූ කියන්නට නෙවේය අ... ගැහැව්වද අවුලක් නැත.අපි යන පාර හරියට සර්පයෙක් වගේය කන්දේ නැග්ම අඩු කරන්නට පාර හදල තියෙන්නේ එහෙමය.දැන් අපිට කලින් ගිය ඈයොන්ගේ ලීඩ් එක අල්ලන්නට අපි වංගු නොගෙන කැලෑවෙන්ම කෙලින්ම ගියේය.



මේ මුලු ගමනේම විලි ලැජ්ජම නැති සීන් එක වෙන්නේ දැන්ය.එක කන්දක් නැගල බෝයි පිට් පස්ස බැලුවේය.හිකිස්.පටියාව වත්තං කරගෙන ලාටුවා කන්ද නගියි.මේ මොන  නව නිංගිරාවක්ද මේ සින් එක හරියට නිකන් අලියයි හෙන්ඩුවයි වගේය.



අනිත් එක පටියා යනු(පොලියා) එසේ මෙසේ ඩයල් එකක් නොවේය බාලදක්ෂ විරුවෙකි රගර් කන්ඩායමේ ඉදිරි පෙල ක්‍රිඩකයෙකි ඒ මදිවට හිටපු කන්තා කඔ ඇදිමේ කන්ඩායම් නායකයාය.ලාටුවාට කුසලතාවයකට කියල ඇත්තේ අටපට්ටමක් නිර්මාණය කිරීම පමණකි.මේ වෙච්ච විලි ලැජ්ජාව වෙන එකකුට උනා නම් ඌ මෙලහට වහ කිලෝ එකක් කාල මැරෙනවාය.බෝයි ට තමන් ගැන ආපු ආත්මාබිමානය මෙන්න මෙච්චර විතරය.ඇයි බං මුත් වැටෙද්දි බෝයි නැගිටලය.ලාටුවා පව් නිසා පටියාව ඇද ගෙන බෝයි ඉදිරි මඟ ගෙවා දැම්මේය.

කොහෙම හරි අපි පරක්කු වුන හින්දද කොහේද ඉස්සරහින් ගියපු සුනංගුවා ආපහු හැරිල ඇවිල්ල තිබුනේය.


ඌ පටියවවත් ඇදගෙන් කැලැ පාර කින්ම ඉස්සරහට ගියේය.ටිකකින් අපිට කෙලින් හිට ගන්නවත් බැරි වෙන්න පඳුරු වලින් අපි වට උනේය. අනිත් උන්ගේ හූ හඬ ටිකක් ඈතින් ඇහෙනවාය. ඒත් හදිස්සි වෙලා බැරිය.

මචන් සුනා මේ හරිය ෂුවර් නෑ සර්පයො ඉන්න පුළුවන් මේ පොල්ලන් ඉස්සරහට ගහගහ පලයං බෝයි අතේ තිබුන පොල්ල සුනංගුවාට දුන්නේය


ටික වෙලාවකින් බෝයි ඇතුලු පිරිස අනිත් නඩයට සෙට් උනේය.

ආපහු ගමන ඇරඹුවත් සුනංගුවා දාමා එහෙම වෙනස් ම පාරවල් වලින් යන්නේය හොඳට කෙලින් යන්න තියෙන පාරේ මුන් ගස් උඩින් යයි.පිස්සුද මංදාය.ඒත් ඒ ගැන හිතන්න දෙයක් නැත දාමා යනු බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රෙය්ද ගස් නගින්න ගිහින් සිකුරිටි එකෙන් ගුටි කාපු එකෙක්ය අනිත් එක අප්‍රිකානු සම්බවයක් සහිත මූට ගස් කියන්නේ ..අපිට නිවෙස් වගේය.කිව්වට වරදක් නැත කැම්පස් එකේ හා අවට   ප්‍ර දේශයේ සම්පුර්ණ සිතිමක්ද මූ සතුව ඇත




ඔයි අතර හෙන ක්‍රිමිනල් කේස් එකකි පටියයි වැල්ලයි එකතු වෙලා අපේ බැජ් එකේ සාධරන කොටා හෙවාව ඝාතනය කෙරීමේ මහා මෙහෙයුමක්ය ආයි අත ඇරල බෑනෙ පොලිසියට දෙන්න කියල පොටොවක් ගැහුවේය





කොහොමෙන් හරි අපි දෙයියනේ කියල හෝර්ටන් එන්ටරන්ස් එකකට අවිල්ල තිබුනාය.

හිටියනං ටිකක්

Share This

Related Posts Plugin for WordPress, Blogger...